ඊශ්‍රායලයේ ටෙල්අවිව් Beersheba රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් තුවාල සිදුව තිබේ.
එලෙස තුවාල ලබා ඇත්තේ, ඉරෝශිකා චතුරංගනී නම් කාන්තාවක් බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් මේ පිළිබඳ සඳහන් කර ඇත. ඒ පහත පරිදිය."ඊශ්‍රායලයේ ටෙල් අවිව් රෝහලේ තමා බලාගන්නා වැඩිහිටියෙකු සමඟ Beersheva Soreka hospital සිටි ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවක වන ඉරෝශිකා චතුරංගනී මහත්මිය අද දින රෝහල ආසන්නයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයෙන් තුවාල ලබා තිබේ.
ඇය අනුරාධපුරයේ සිට මෙයට මාස හයකට පමණ පෙර ඊශ්‍රායලයේ සේවයට පැමිණි අයෙකි.
ඇයට රෝහලේ දී ප්‍රතිකාර ලබාදෙන අතර ඒ පිළිබඳව සොයා බැලීමට තානාපති කාර්යාලයේ කණ්ඩායමක් ඉක්මනින්ම පිටත් කර හැරීමට කටයුතු කරමි."
Comments
Post a Comment
Your comment will be visible after approval