
අද (ජූනි 15) අලුයම කාලයේදී කළුබෝවිල පන්සල පාරේ ව්‍යාපාරිකයෙකුගේ නිවසට යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇති බව වැඩ බලන මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්.යු.කේ. වුට්ලර් මහතා ප්‍රකාශ කර සිටියේය.
කොහුවල පොලිස් වසමට අයත් කළුබෝවිල පන්සල පාරේ පිහිටි නිවසකට අලුයම කාලයේදී යතුරුපැදියකින් පැමිණි හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තබා පලායන ලද බව පොලිස් වාර්තාවල සඳහන් වේ.
සැකකරුවන් විසින් නිවසේ ගේට්ටුවට මෙන්ම නිවස දෙසටද වෙඩි තබා ඇති අතර, මෙම වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවී නොමැති බව පොලීසිය තහවුරු කර තිබේ.
දැනට සිදුකර ඇති මූලික විමර්ශනවලට අනුව, මෙම ප්‍රහාරය මුදල් ආරවුලක් හේතුවෙන් සිදු කර ඇති බවට පොලීසිය සැක කරයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සහ කොහුවල පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.
පොලීසිය විසින් සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි රැස් කරමින් සිටින අතර, සැකකරුවන් හඳුනා ගැනීම සඳහා අවට ප්‍රදේශවල සවි කර ඇති ආරක්ෂක කැමරා දර්ශන පරීක්ෂා කරමින් සිටින බව ද වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval