
ඉතා සූක්‍ෂම ආකාරයෙන් පාසල් සිසුන් ත්‍රිරෝද රථවලින් රැගෙන ගොස් එම සිසුන් අපයෝජනය කරන ලදැයි කියන පුද්ගලයකු පන්නල ප්‍රදේශයේදී 07 වැනිදා අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව අපරාධ කොට්ඨාස විමර්ශන අංශය සඳහන් කරයි. ඉකුත් මැයි 13 වැලිකන්ද, මනම්පිටිය, මහවැව ගම්මානයේ අවුරුදු අටක් වයසැති පාසල්
දරුවකු පැහැරගෙන ගොස් ඇති බවට ඔවුන්ගේ මවුපියන් විසින් පොළොන්නරුව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සැකකරු පලාගොස් සිටියදී අත්අඩංගුවට ගත් බව කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.අත්අඩංගුවට ගත් සැකකරු වැලිකන්ද, මුතුවැල්ල ප්‍රදේශයේ පදිංචි 43 වියැති එක්දරු පියෙකු බවද පොලිසිය කියයි. සැකකරු සතු ජංගම දුරකථනයේ youtube ගිණුමක් පවත්වාගෙන යමින් එහි අසභ්‍ය වීඩියෝ රැසක් තිබෙන බවටද තොරතුරු අනාවරණය කරගෙන ඇති බවට පොලිසිය කියයි. පාසල ඇරි බස් නැවතුම්පොළේ සිටියදී සැකකරු පාසල් දරුවා පැහැරගෙන ගොස් අවස්ථා කිහිපයකදී අපයෝජනයට ලක්වී ඇති බවට මූලික තොරතුරුවලින් අනාවරණය වී ඇති බවද ඒ පිළිබඳ පරීක්ෂණ සිදු කරන පොලිසියේ සඳහන් කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval