31-cases-of-money-laundering-against-prisoner-pardoned-by-president

 ජනාධිපති පොදු සමාව ලැබී ඇති බවට අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයා අධිකරණයට යොමු කළ ලිපියක් සලකා බලමින් අනුරාධපුර මහාධිකරණය මගින් පසුගිය 4 වැනිදා නිදහස් කර මුදා හැර සිටින එව්ස් 69/2018 අංක දරන නඩුවේ විත්තිකාර විජේකෝන් මුදියන්සේලාගේ අතුල නිලකරන්න යන අයට එරෙහිව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පමණක් නඩු 31 ක් පවතින බව හෙළිවී ඇත.






ඒ සියල්ල මහ පරිමාණ මූල්‍ය වංචා සිද්ධීන්වලට අදාළ ඒවාවීම විශේෂත්වයකි. මෙම සියලු නඩුවලට අදාළව විමර්ශන කර අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය වංචා විමර්ශන කොට්ඨාසයයි.

මෙම නඩු 31 කට අදාළව විත්තිකාර විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න යන අය වංචා කර ඇති බව කියන මුළු මුදල රුපියල් පනස් පන් කෝටි අසූ දෙලක්ෂ තිස් පන් දහස් හැත්තෑ හතරකි. විශේෂඥ වෛද්‍යවරුන් සහ වෛද්‍යවරුන් ප්‍රාදේශීය ලේකම්වරුන් ඉහළ මට්ටමේ රජයේ නිලධාරීන් ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයන් ප්‍රධාන පෙළේ රජයේ ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන් උසස් පොලිස් නිලධාරීන් ද මෙම පැමිණිලිකරුවන් අතර සිටීම විශේෂත්වයකි.



 

මේ අතරින් නඩු තුනකට අදාළව නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කරනු ලැබ ඇති අතර, අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ පවතින සෙසු නඩු 28 සඳහා නීතිපති උපදෙස් පතා ඇත. විත්තිකාර විජේකෝන් මුදියන්සේලාගේ අතුල තිලකරත්න නැමැත්තා 2011 සැප්තැම්බර් 11 වැනිදා සිට 2014 ජූනි 07 වැනිදා දක්වා අතර කාලය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ සෙබළකු ලෙස සේවය කර ඇති බවත්, එකී සේවයේ යෙදී සිටින අතරතුරම මෙරට ප්‍රධාන පෙළේ මුල්‍ය ආයතනයක කළමනාකරුවකු ලෙස කටයුතු කරමින් මෙම මහ පරිමාණ මූල්‍ය වංචාව සිදු කර ඇති බවත් අනාවරණ වී තිබේ.
( උපාලි ආනන්ද)