lieutenant-arrested-for-throwing-punches-at-police-while-stopping-drunk-driver

මාර්ග නීති උල්ලං­ඝ­නය කර­මින් පොලිස් අණ නොතකා, බීමත්ව රිය ධාව­නය කළ මෝටර් රථ රියැ­දු­රකු පිටු­පස හඹා ගොස් අල්ලා­ගත් රියැ­දුරා අත්අ­ඩං­ගු­වට ගැනී­මට සූදා­නම් වූ අව­ස්ථා­වේදී, කාන්තා­වන් පිරි­සක් සමඟ මෝටර් රථ­ය­කින් එම ස්ථාන­යට පැමිණ, තමන් යුද හමුදා ලුති­න­න්ව­ර­යකු බව පව­ස­මින් රථ­වා­හන නිල­ධා­රීන්ගේ රාජ­කා­රි­යට බාධා කර, අඩ­න්තේ­ට්ටම් කළ පුද්ග­ල­යකු සහ මෝටර් රථ රියැ­දුරා අත්අ­ඩං­ගු­වට ගත්බව අනු­රා­ධ­පුර මූල­ස්ථාන පොලී­සිය පව­සයි.



මෙලෙස අත්අ­ඩං­ගු­වට පත්ව ඇත්තේ මාර්ග නීති උල්ලං­ඝ­නය කර­මින්,

පොලිස් අණ නොතකා බීමත්ව මෝටර් රථ­යක් පද­වා­ගෙන ගිය, අනු­රා­ධ­පුර අභය මාවතේ පදිංචි පුද්ග­ල­යකු සහ මට්ට­ක්කු­ලිය යුද හමුදා කඳ­වු­රක සේවයේ නියුතු අනු­රා­ධ­පුර පදිංචි යුද හමුදා ලුති­න­න්ව­ර­යකු බව පොලී­සිය පව­සයි.

ඉකුත් 16 වැනිදා රාත්‍රී අනු­රා­ධ­පුර, දහ­යි­යා­ගම හන්දිය ආස­න්න­යේදී මාර්ග නීති උල්ලං­ඝ­නය කර­මින් ගමන් කළ කාර් රථ­යක් නැවැ­ත්වී­මට සංඥා කළ අව­ස්ථා­වේදී එම රථය නොන­වත්වා ධාව­නය කළ බවත්, ඉන් අන­තු­රුව මෝටර් රථය පසු­පස හඹා ගොස් අනු­රා­ධ­පුර, ජයන්ති වට­ර­වුම අස­ලදී නවතා පරීක්ෂා කිරී­මේදී රියැ­දුරා බීමත්ව සිටි බව­ටත් අනා­ව­ර­ණය වූ බව පොලී­සිය පව­සයි.



එම අව­ස්ථා­වේදී කාර් රථයේ රියැ­දුරු අත්අ­ඩං­ගු­වට ගෙන, මාංචු දැමී­මට සූදා­නම් වන අව­ස්ථා­වේදී කාන්තා­වන් කිහිප දෙනෙකු සමඟ තවත් කාර් රථ­ය­කින් එම ස්ථාන­යට පැමිණි පුද්ග­ල­යකු , තමන් යුද හමු­දාවේ ලුති­න­න්ව­ර­යකු බව පව­ස­මින් ඉහත සැක­කරු අත්අ­ඩං­ගු­වට ගැනීම වළ­ක්වා­ල­මින් කල­හ­කාරී ලෙස හැසිරී රථ වාහන නිල­ධා­රීන්ට අඩ­න්තේ­ට්ටම් කර ඇති බව පොලී­සිය සඳ­හන් කළේය.

සිද්ධි­යට සම්බන්ධ සැක­ක­රු­වන් දෙදෙනා අත්අ­ඩං­ගු­වට ගෙන ඇත. ඔවුන් අනු­රා­ධ­පුර මහේ­ස්ත්‍රාත් අධි­ක­ර­ණ­යට ඉදි­රි­පත් කිරී­මට නිය­මි­තව ඇත.