information-sought-from-the-public-who-were-scammed-by-dr-maheshi

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ශල්‍යකර්මයන්ට භාජනය වී ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ පෑ රෝගීන් සහ අදාළ තොරතුරු දන්නා පුද්ගලයින්ගෙන් තොරතුරු ලබා දෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. 


වෛද්‍ය මහේෂි සූරසිංහ විජේරත්න යටතේ ප්‍රතිකාර ලබා අගතියට පත් වූ පුද්ගලයින් හෝ මෙම අක්‍රමිකතාවයන් පිළිබඳ තොරතුරු දන්නා වෙනත් පුද්ගලයින් අදාළ තොරතුරු කොමිෂන් සභාව වෙත ලබා දෙන ලෙස අල්ලස් කොමිසම දැනුම් දී ඇත.
තොරතුරු ලබා දීම සඳහා 1954 යන ක්ෂණික ඇමතුම් අංකය හෝ ciaboc_gen@ciaboc.gov.lk යන විද්‍යුත් ලිපිනය භාවිතා කළ හැකි බව අල්ලස් කොමිසම වැඩිදුරටත් දන්වා සිටී.
එම නිවේදනය පහතින්



gossiplanka image 1