ටෙස්ලා සමාගම ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ ඔස්ටින් නගරයේ තම රොබෝ ටැක්සි සේවාවේ සීමිත පරීක්ෂණයක් සඳහා සහභාගී වීමට පුද්ගලයින් කුඩා කණ්ඩායමකට ආරාධනා කර ඇති අතර, සමාජ මාධ්‍ය පළකිරීම් සහ ඊමේල් තිර රුපවලට අනුව මෙය ඉරිදා දින ආරම්භ කිරීමට තාවකාලිකව සැලසුම් කර ඇත.
ඔවුන් බලාපොරොත්තු වන්නේ මිනිසුන් රහිතව අනතුරු රහිතව ධාවනය කරන ටැක්සි සේවාවක් ප්‍රාන්ත දෙකට හඳුන්වාදීමටය. මෙහිදී ඇප් එකක් මගින් ටැක්සිය ගෙන්වාගෙන ඊට ලබාදෙන උපදෙස් අනුව සවයංක්‍රීයව අවශ්‍ය තැනට ගමන් කිරීමට පාරිභෝගිකයින්ට අවස්ථාව සැලසේ.
රියදුරු රහිත වාහනය සම්පූර්ණයෙන් රොබෝ තාක්ෂණය ඇසුරින් නිර්මාණය කර ඇත.
මෙම ක්‍රමයේ සාර්ථකත්වය මත ඇමරිකාවේ අනෙක් ප්‍රාන්ත වෙතත් මෙම සේවාව හඳුන්වාදීමට නියමිතය.
එක්සත් ජනපද මාර්ග ආරක්ෂණ නියාමකයින් දුර්වල කාලගුණ තත්ත්ව යටතේ ටෙස්ලා සමාගමේ ස්වයංක්‍රීය රොබෝ ටැක්සි ආරක්ෂාව සම්බන්ධයෙන් කරුණු සමාලෝචනය කරමින් සිටින බව සිකුරාදා දින ප්‍රකාශ කළේය. ටෙස්ලා සමාගම මෙම සතිඅන්තයේ සිට මෙම වාහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරමින් සිටී.
සමාජ මාධ්‍ය පළකිරීම්වලට අනුව, ආරාධනාවල සඳහන් වූයේ පරීක්ෂණ කාලයේදී ටෙස්ලා සේවකයෙකු ඉදිරිපස මගී ආසනයේ පදිකයන් සමග පැමිණෙන බවයි.
මින් ඉහත ටෙස්ලා සිදුකළ අත්හදාබැලීමකදී ගැටුම් හතරක් වාර්තාවූ නමුත් කිසිවෙකුට තුවාල සිදුව නැත. 2023 පර්යේෂණයේදී එක් මාරක අනතුරක් ද සිදුව ඇත.
ටෙස්ලා ප්‍රධානි එලොන් මස්ක් පවසා ඇත්තේ, මිනිසුන් දුරස්ථව වාහන නිරීක්ෂණය කරන අතරතුර, අත්හදා බැලීමේදී ආරක්ෂාව කෙරෙහි අවධානය යොමු කරන බවයි.
ටෙස්ලා සමාගම මෙම වසර කිහිපය තුළ සිය පූර්ණ ස්වයං ධාවන තාක්ෂණය වැඩිදියුණු කිරීම සඳහා සැලකිය යුතු ආයෝජනයක් කර ඇත.
මෙම තාක්ෂණය මාර්ග සලකුණු හඳුනා ගැනීම, අනෙකුත් වාහන අනාවැකි කිරීම සහ බාධක මඟහැරීම සඳහා කෘතිම බුද්ධිය සහ සංවේදක මත යැපේ.
කෙසේ වෙතත්, අඩු දර්ශනීයත්වය සහිත තත්ත්ව යටතේ ස්වයංක්‍රීය රියදුරු තාක්ෂණය පිළිබඳ ගැටලු නියාමකයින් සහ ආරක්ෂණ විශේෂඥයින් අතර සැලකිය යුතු සැලකිල්ලට ලක් වී ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval