
පුරප්පාඩු වී ඇති අභියාචනාධිකරණ විනිසුරු ධුර සඳහා පසුගිය ආණ්ඩු කාලයේදී විනිසුරුවරු පත්නොකිරීමට එරෙහිව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු පිරිසක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර තිබේ ද යන්න පිළිබඳව සිය තීන්දුව ප්‍රකාශ කිරීම කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (26) තීරණය කළේය.
එලෙස විනිසුරුවරු පත්නොකිරීමට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගය අවසන් කරමින් මේ බව ප්‍රකාශ කරන ලදි.
ජනක් ද සිල්වා, මහින්ද සමයවර්ධන, සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාගය සිදු කෙරිණ.
එහිදී පෙත්සම්කාර සහ වගඋත්තරකාර පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු දීර්ඝ ලෙස කරුණු ඉදිරිපත් කළහ.
එම කරුණු සලකා බැලීමෙන් අනතුරුව එහි තීන්දුව ලබා දීම කල්තැබීමට විනිසුරු මඬුල්ල තීරණය කළේය.
ජනාධිපති නීතිඥවරයකු වන සේනක වල්ගම්පාය මහතා මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි .මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ව්‍යවස්ථාදායක සභාව ඇතුළු පිරිසක් නම් කරනු ලැබ තිබේ. පසුගිය වසරේ නොවැම්බර් මාසයේ සිට මේ දක්වා අභියාචනාධිකරණය තුළ විනිසුරු පුරප්පාඩු 05ක් පමණ ඇති වී තිබුණද වගඋත්තරකරුවන් එම පුරප්පාඩු පිරවීමට අවශ්‍ය කටයුතු කර නැති බව පෙත්සමෙහි සඳහන් වේ.
එමඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් සහතික කර තිබෙන මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් ඒ බවට ප්‍රකාශයක් කරන ලෙස පෙත්සම මඟින් ඉල්ලා තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval