
මන්නා පිහියකින් සිය බිරියට පහර දීමට තැත් කර මරණ බවට තර්ජනය කළේ යැයි සැකපිට අධිකරණයට ඉදිරිපත් කළ සැමියකු ජූලි 01 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට මහර මහේස්ත්රාත් කාංචනා ද සිල්වා මහත්මිය නියම කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාහේනවත්ත, හුණුපිටිය, වත්තල ප්රදේශයේ පදිංචි ඇන්තතී මොහාන් පෙරේරා යන අය එසේ රිමාන්ඩ් කිරීමට නියම විය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාහේනවත්ත, හුණුපිටිය, වත්තල ප්රදේශයේ පදිංචි ආර්.ඩී. රේණුකා ප්‍රියන්ති නැමැත්තිය විසින් කිරිබත්ගොඩ පොලීසියට කළ පැමිණිල්ල විමර්ශනය කර සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබිණි.
කිරිබත්ගොඩ පොලීසියේ කොස්තාපල් (90071) රත්නායක මහතා වැඩිදුර වාර්තාවක් මඟින් පැමිණිල්ල ඉදිරිපත් කරමින් පැමිණිලිකාරිය සිය දරුවන් දෙදෙනා සහ සැකකාර සැමියා සමඟ එම නිෙවසේ පදිංචිව සිටින බවත් මෙම සිද්ධිය සිදුවූ දින දෙදෙනා අතර ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් මන්නා පිහියකින් බිරියට පහර දීමට තැන් කර මරණ බවට තර්ජනය කර ඇති බවට අධිකරණය හමුවේ පැවසීය.
මීට පෙර අවස්ථාවක මෙම සැකකරු විසින් මෙහි පැමිණිලිකාර බිරිය කඩුවකින් කපා බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධව මෙම අධිකරණයේදී තවත් නඩුවක් පවතින අතර, මෙම සිද්ධීන් සම්බන්ධයෙන් දරුවන් දෙදෙනා දැඩි ලෙස භීතියට පත්ව ඇති බව කොස්තාපල්වරයා අධිකරණය හමුවේ පැවසීය.
මෙම සිද්ධිය සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර මෙතෙක් අවසන්වී නොමැති නිසා සැකකාර සැමියා තවදුරටත් රිමාන්ඩ් කිරීමට නියම කරන ලෙස කොස්තාපල්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ ඉල්ලා සිටියේය.
ඉදිරිපත්වූ කරුණු කෙරෙහි අවධානය යොමු කළ මහේස්ත්රාත්වරිය ජූලි 01 වැනිදා දක්වා රිමාන්ඩ් කිරීමට නියෝග කළාය.
Comments
Post a Comment
Your comment will be visible after approval