
දුරකතනයෙන් වෙනත් පෙම් පලහිලව් ඇතැයි සැක සිතා කුළුගෙඩියකින් පහරදී අනියම් බිරිය ඝාතනය කර ප්‍රදේශයෙන් පලාගොස් සිටි හිටපු සිවිල් ආරක්ෂක සෙබළකු අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ යගම්වෙල මණ්ඩකොණ්ඩාන දුම්මලසූරිය කොහු මෝලක සේවය කරමින් සිටි මල්විල සේනපුර වැලිකන්ද ලිපිනයේ පදිංචි පුද්ගලයෙකි.
සැකකරු වැලිකන්ද ප්‍රදේශයේ ජීවත් වූ සිය නීත්‍යනුකූල බිරිය වෙනත් පුරුෂයකු සමඟ නිදි යහනේ සිටිනු දැක ඇගේ ගෙල වෙන්ව යන ලෙස මන්නයකින් කපා ඝාතනය කර ඇති අයකු බවට හ
ෙළිවූ බවද පොලීසිය කියයි. සැකකරු එම පුද්ගලයාගේ දෙඅත් වෙන්ව යන ලෙස මන්නයෙන් කපා ඇති බවත් එහිදී ඔහු පලාගොස් දිවි ගලවාගෙන ඇති බවත් වාර්තා වී ඇතැයි පොලීසිය සඳහන් කරයි. මේ ක්‍රියාවෙන් පසු සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් කුලියාපිටිය දුම්මලසූරිය ප්‍රදේශයේ කොහු මෝලක සේවය කරමින් සිට ඇති බවත් එහිදී අනියම් ඇසුරක් පවත්වමින් සිට ඇති බවත් පොලීසිය කියයි. ඒ අනුව ඉකුත් 23වැනිදා සිය අනියම් බිරියගේ හිසට කුළුගෙඩියකින් පහරදී ඝාතනය කර ඇතැයි ද පොලීසිය පවසයි.
මෙම සිද්ධීන්වලට සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිස් විමර්ශන ක්‍රියාත්මක වෙමින් තිබියදී සැකකරු
වෙන්නප්පුව ප්‍රදේශයේ කොහු මෝලක සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත. මෙම සැකකරු අනියම් බිරිය ඝාතනය කර එම ප්‍රදේශයෙන් පලා විත් නාත්තන්ඩිය, මාරවිල ආදී ප්‍රදේශවල කොහු මෝල්වල සේවය කර ඇති බවට ද කරුණු ඉදිරිපත් වී ඇතැයි පොලීසිය කියයි.
වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ හා කුලියාපිටිය වැඩබලන කොට්ඨාස භාර නිලධාරී සහකාර පොලිස් අධිකාරි වසන්ත හේරත් මහතාගේ උපදෙස් අනුව වැඩබලන කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් සැරයන් ෆැන්සිස් (7015), චමිල (37525), ප්‍රියදර්ශන (53311), රෝහණ(56807) කොස්තාපල් වික්‍රමනායක යන නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වති.