ලංකා ධීවර සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ මහතා අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත්තේ එම සංස්ථාවේ සිදුවූ අක්‍රමිකතාවයකට අදාළවය.
2014 වසරේදී මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දීමේදී රජයට පාඩු සිදුකිරීම සම්බන්ධයෙන් කොළඹ මහාධිකරණය හමුවේ හිටපු ධීවර ඇමැති රාජිත සේනාරත්න සමග ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ සහ එහි හිටපු කළමනාකාර අධ්‍යක්ෂ නීල් රවීන්ද්‍ර මුණසිංහ යන තිදෙනාට අධිචෝදනා ගොනු කර තිබුණි.
චෝදනා අනුව, 2014 අගෝස්තු 01 වැනිදා සිට නොවැම්බර් 01 වැනිදා දක්වා කාලය තුළ ඉතා සුළු මුදලකට මෝදර ධීවර වරාය පෞද්ගලික සමාගමකට බදු දෙන ලෙස ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩලයට බලකරමින් රජයට පාඩු සිදු කළ බවට ඔවුන්ට චෝදනා එල්ල වී තිබුණි.
අල්ලස් කොමිසම විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වාගෙන යන අතර, වැඩිදුර විමර්ශන සඳහා උපාලි ලියනගේ මහතා රඳවා තබාගෙන ඇති බව වාර්තා වේ.
Comments
Post a Comment
Your comment will be visible after approval