කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින්, එහි සියලු කොටස් මිල දර්ශකය (ASPI) ප්‍රථම වතාවට ඒකක 18,000 සීමාව ඊයේ (30) දිනයේ දී පසුකර ගියේය. දිනය නිමාවන විට එය ඒකක 18,014.86 ක් ලෙස සටහන්ව තිබීම ඓතිහාසික වාර්තාවක් විය.
එදින ගනුදෙනු නිමාවේදී සියලු කොටස් මිල දර්ශකය, පෙර දිනයට සාපේක්ෂව ඒකක 153.98 ක සැලකිය යුතු ඉහළ යාමක් පෙන්නුම් කළේය. මේ අතර, වඩාත් ක්‍රියාකාරී සමාගම් විස්ස නියෝජනය කරන S&P SL20 දර්ශකය ද ඒකක 62.74 කින් ඉහළ යමින්, දිනය අවසානයේ ඒකක 5,345.80 ක් ලෙසින් වාර්තා විය.
මෙම ඓතිහාසික වර්ධනය සඳහා සෙන්ට්‍රල් ෆයිනෑන්ස් කම්පැනි, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස්, කොමර්ෂල් බැංකුව, සම්පත් බැංකුව සහ බුකිට් ඩාරා යන ප්‍රධාන පෙළේ සමාගම්වල කොටස් මිල ඉහළ යාම සෘජුවම බලපෑවේය. එමෙන්ම, වෙළෙඳපොළේ ධනාත්මක තත්ත්වය තවදුරටත් සනාථ කරමින්, සමාගම් 126 ක කොටස් මිල ගණන් ඉහළ ගොස් තිබිණි.
ඊයේ දිනය තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ සමස්ත ගනුදෙනු පිරිවැටුම රුපියල් බිලියන 6.38 ක් ලෙස සටහන් විය.
Comments
Post a Comment
Your comment will be visible after approval