driver-who-fled-after-throwing-man-crushed-by-lorry-into-forest-arrested

ලොරි­ය­කට යට­වුණු 60 හැවි­රිදි පුද්ග­ල­යකු කැල­ය­කට විසි­කර දමා පලා ගොස් සිටි ලොරි රථයේ රියැ­දුරු දීර්ඝ විම­ර්ශ­න­ය­කින් පසු ඊයේ (17) අත්අ­ඩං­ගු­වට ගත් බව මිනු­ව­න්ගොඩ පොලී­සිය පව­සයි. 



ඉකුත් 9වැනිදා සවස 4.00ත් 5.00ත් කාලය අතර මිනු­ව­න්ගොඩ, නිල්ප­නා­ගොඩ පාසල අස­ලදී මේ අන­තුර සිදුවී ඇතැයි පොලී­සිය කියයි. මිනු­ව­න්ගොඩ පොලී­සියේ රථ­වා­හන අංශය පැව­සුවේ මාර්ගය අයිනේ ගමන් කර­මින් සිටි මේ පුද්ග­ලයා ලොරියේ ගැටී­මෙන් පසු ලොරි රියැ­දුරා තුවාල ලැබූ පුද්ග­ලයා ඒ අසල කැල­යට විසි­කර දමා කටු­වැ­ල්ලේ­ගම දෙසට පලා ගොස් ඇති බවයි.



නමුත් මේ අන­තුර සහ තුවා­ල­කරු කැල­යට විසි­කර දමා ලොරි රියැ­දුරා පලා යන බව ඒ අවට සිටි කාන්තා­වන් පිරි­සක් දැක කෑ ගසා අවට ජන­තාව දැනු­ම්වත් කිරී­මෙන් පසු ප්‍රදේ­ශ­වා­සීන් පිරි­සක් ලොරිය පසු­පස ලුහු­බැඳ ගොස් අල්ලා­ගෙන අන­තුර සිදු වූ ස්ථාන­යට රැගෙන විත් ඇතැයි වාර්තා වෙයි.

අන­තු­රුව ප්‍රදේ­ශ­වා­සීන්ගේ බල කිරීම මත ලොරියේ රිය­දුරා විසින් තුවාල ලැබූ පුද්ග­ලයා ලොරි රථ­යේම දමා­ගෙන මිනු­ව­න්ගොඩ රෝහ­ලට රැගෙන විත් භාරදී ඇති අතර රිය­දුරා රෝහ­ලට පවසා ඇත්තේ තුවාල ලැබූ පුද්ග­ලයා පාරේ වැටී සිටි­යදී රෝහ­ලට රැගෙන ආ බවයි.



අන­තු­රුව ලොරියේ රියැ­දුරා රෝහ­ලෙන් ද මඟ­හැර ගොස් ඇති අතර මේ පිළි­බ­ඳව මිනු­ව­න්ගොඩ පොලී­සියේ රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක නිමල් චන්ද්‍ර­සිරි මහ­තාට ලද පැමි­ණි­ල්ලට අනුව වහා ක්‍රියා­ත්මක වූ ඒ මහතා ලොරියේ රියැ­දුරා රෝහ­ලට දුන් තොර­තුරු සහ වාහ­නයේ අංකය, සීසී­ටීවී දර්ශන ඇතුළු තොර­තුරු රැසක් ඔස්සේ විම­ර්ශන ආරම්භ කර අන­තුර සිදු­කර පලා ගොස් සිටි ලොරි රියැ­දුරා සහ ලොරිය අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

අත්අ­ඩං­ගු­වට ගත් රියැ­දුරා දූන­ගහ ප්‍රදේ­ශයේ පදිංචි 45 හැවි­රිදි අයෙකු බවත් ඔහුට රිය පැද­වීම සඳහා රියැ­දුරු බල­ප­ත්‍ර­යක්ද නොමැති අයෙකු බව කරන ලද විම­ර්ශ­න­ව­ලදී අනා­ව­ර­ණය වූ බව

රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති නිමල් චන්ද්‍ර­සිරි මහතා පැව­සීය.

අන­තු­රින් තුවාල ලැබූ පුද්ග­ලයා මේ වන විට කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒක­කයේ ප්‍රති­කාර ලබන බව පොලී­සිය පව­සයි.

මිනු­ව­න්ගොඩ පොලී­සියේ ස්ථානා­ධි­පති ප්‍රධාන පොලිස් පරී­ක්ෂක සුදේෂ් ප්‍රිය­ද­ර්ශන මහ­තාගේ උප­දෙස් පරිදි රථ­වා­හන අංශයේ ස්ථානා­ධි­පති උප පොලිස් පරී­ක්ෂක නිමල් චන්ද්‍ර­සිරි මහතා ඇතුළු නිල­ධා­රීන් කණ්ඩා­ය­මක් මේ පිළි­බ­ඳව විම­ර්ශන සිදු­කර ලොරි රථය සහ එහි රියැ­දුරා අත්අ­ඩං­ගු­වට ගෙන වැඩි­දුර පරී­ක්ෂණ ආරම්භ කර ඇත.