colombo-mayor-vrai-kelly-begins-work

කොළඹ පුරපතිනි ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය අද (18) එම ධුරයේ වැඩ ආරම්භ කර තිබේ.
2025 පළාත් පාලන මැතිවරණයේදී වැඩි අවධානයක් යොමව තිබුණු අපේක්ෂිකාව වූ ජාතික ජන බලවේගයේ ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිනිය ලෙස බහුතර මන්ත්‍රීවරුන්ගේ මනාපයෙන් පෙරේදා (16) දින තේරී පත්වූවාය. 



ඇය නගරාධිපති ලෙස තෝරාපත් කර ගැනීම වෙනුවෙන් පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 61ක් දිනා ගනිමින් කොළඹ 26 වන පුරපතිනිය බවට පත්වුණි.

ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය කොළඹ මහ නගර සභාවේ දෙවන පුරපතිනිය ලෙස ඉතිහාසයට එක්වන අතර හිටපු නගරාධිපතිනි රෝසි සේනානායක කොළඹ නගර සභාවට පත් වූ පළමු නගරාධිපතිවරිය වේ.

කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධුරයට තමා පත්වීම පිළිබඳ කිසිවිටෙකත් පෞද්ගලිකව නොගන්නා ලෙසත් ජයග්‍රහණය සාමුහික ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බවත් කොළඹ පුරපනිති ව්‍රායි කැලි බල්තසාර් මහත්මිය පවසන්නීය.



අද (18) උදෑසන වැඩ භාරගැනීමේ අවස්ථාවට එක්වෙමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ, කොළඹ නගරයේ ඇති ගැටලු ජනතාව සහභාගී කර ගනිමින් විසඳීමට තමා බලාපොරොත්තු වන බවය.

පුරවැසියන් එක හඬින් කියා සිටියේ, "මේ පුරවරයත් වෙනස් කර දෙන්න යනුවෙනි" යැයි පැවසු නගරාධිපතිනිය මේ නගරය වෙනස් කිරීමේ වගකීම අප සතු වන බව ද මෙහිදී මාධ්‍ය අමතමින් සඳහන් කළාය.

ලංකාවේ ධනවත්ම නගරය කොළඹ වුවත් එහි අඳුරු පැතිකඩ මේ වනවිට කොළඹ වෙලාගෙන ඇතැයි ද පැවසු ඇය, නගරයේ ජීවත් වන ජනතාවට ආලෝකයක් ලබාදීමට තමාට දැවැන්ත කාර්යභාරයක් ඉටුකිරීමට ඇතැයි ද පැවසීය.

අක්‍රමවත් ව්‍යාපෘති හේතුවෙන් කොළඹ විශාල ගැටලු රැසක් ඇතිව තිබෙන බවද සඳහන් කළ ඇය ඒ සියල්ලට විසඳුම් ලබාදිය යුතුව ඇතැයි ද කියා සිටියාය.

කොළඹ නගරය ලෝකයේ දියුණුතම නගරයක් බවට පත්කිරීමට සිදුවන බව ද පැවසු කොළඹ පුරපතිනිය, සාර්ථකත්වය ඇත්තේ පක්ෂ, පාට භේදයකින් තොරව සභිකයින් 117 දෙනාම එකට සාමුහිකව කටයුතු කිරීම තුළ බවත් එයට සහයෝගය ලබාදෙන ලෙසත් මෙහිදී ඉල්ලා සිටියාය.

gossiplanka image 2


gossiplanka image 3
gossiplanka image 4
gossiplanka image 5


gossiplanka image 6
gossiplanka image 7
gossiplanka image 8