the-power-of-the-kolonnawa-municipal-council-which-had-9-opposition-and-10-is-transferred-to-the-compass

විපක්ෂයට වඩා අඩු ආසන ගණනක් දිනා තිබූ කොළොන්නාව නගර සභාවේ බලය ජාතික ජන බලවේගයට හිමිව තිබේ. 


අද (18) උදෑසන රැස්වූ කොළොන්නාව නගර සභාවට සභාපතිවරයෙක් තෝරාපත් කර ගැනීමේ දී උණුසුම් තත්ත්වයක් ද ගත් අතර උණුසුම් තත්ත්වය හමුවේ විපක්ෂයේ මන්ත්‍රීවරු 9 දෙනෙකු සභාවෙන් පිටව ගිය අතර, සමගි ජන බලවේගයේ වැඩිම මනාප හිමිකරගත් සුසිල් කුමාර මහතා සභාවේ රැඳී සිටිමින් ජාතික ජන බලවේගයට සහාය පළ කළේය 

ඒ අනුව පැවැත්වූ රහස් ඡන්දයෙන් ඡන්ද 10ක් හිමිකර ගනිමින් ජාතික ජන බලවේගයේ ධම්මික විජයමුණි මහතා කොළොන්නාව නගර සභාවේ, සභාපතිවරයා ලෙස තේරී පත්වුණි.

කොළොන්නාව නගර සභාවේ ආසන 9ක් මාලිමාවට හිමිව තිබූ අතර, විපක්ෂයට ආසන 10ක් හිමිව තිබුණි.
උප සභාපති ධුරය සමන් සෙනෙවිරත්න මහතාට හිමිවිය.