dehiwala-police-sergeant-suspended-for-making-inappropriate-comments-on-youtube-channel


ගල්කිස්ස කොට්ඨා­සය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රයා සහ දෙහි­වල පොලිස් ස්ථානා­ධි­පති මත්ද්‍රව්‍ය ජාවා­ර­ම්ක­රු­වන් සමඟ සම්බ­න්ධතා පව­ත්වන බවට හුවා­ද­ක්ව­මින් යූ -ටියුබ් නාළි­කා­වක් සමඟ සංවා­ද­යක් පැවැ­ත්වීම සම්බ­න්ධ­යෙන් දෙහි­වල

පොලිස් ස්ථාන­යට අනු­යු­ක්තව සේවයේ නිරත පොලිස් සැර­ය­න්ව­ර­ය­කුගේ වැඩ තහ­නම් කිරී­මට ගල්කිස්සේ පොලිස් බල­ධා­රීන් පෙරේදා (16) පිය­වර ගෙන තිබේ.

මේ වැඩ­ස­ට­හන පවත්වා ඇත්තේ පසු­ගිය මැයි 31 වැනිදා හෝ ආසන්න දින­ය­කදී බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය. කිසිම පද­න­මක් නැතිව මේ නිල­ධා­රියා විසින් සිය උසස් නිල­ධා­රීන්ට චෝදනා කර­මින් කාන්තා නිල­ධා­රීන්ට ද දැඩි ලෙස නිගා­වන අයු­රින් ප්‍රකාශ කර ඇතැයි ද නිල­ධා­රියා කීය.

ඒ සම්බ­න්ධ­යෙන් මේ නිල­ධා­රි­යාගේ වැඩ තහ­නම් කිරී­මට ගල්කිස්ස දිස්ත්‍රික් 01 ජ්‍යෙෂ්ඨ පොලිස් අධි­කා­රි­ව­රයා පිය­වර ගත් බවද නිල­ධා­රියා වැඩි­දු­ර­ටත් සඳ­හන් කළේය.