අපේ රටේ ප්‍රජනන වයසේ පසුවන කාන්තාවන් 5 දෙනෙකුගෙන් එක් අයෙක් තම සහකරු අතින් හිංසනයට ලක් වෙමින් ජීවත්වන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය දිනූෂා පෙරේරා මහත්මිය පැවැසුවාය.
ප්‍රධාන රජයේ රෝහල්වල පවත්වාගෙන යන 'මිතුරු පියස' වෙතින් 2023 වසරේදී පමණක් පුද්ගලයන් 12198ක් සහන සේවය ලබාගෙන ඇති බවත් ඉන් ගෘහස්ථ හිංසන නිසා සියයට 91ක්ම පීඩා විඳ තිබෙන්නේ කාන්තාවන් බවත් ඇය පැවසුවාය.
මාතෘ සහ ළමා සෞඛ්‍යයටත්, පොදුවේ පවුලේ සෞඛ්‍යයටත් සෘජුව සහ සෘණාත්මක බලපාන ගෘහස්ථ හිංසනය ඉතා සුලබ සහ බරපතළ සෞඛ්‍ය ගැටලුවක් බව ඇය පෙන්වා දුන්නාය. කිසිවෙක් එසේ හිංසනයට ලක් වෙමින් අසතුටින් ජීවත්වීමට අවශ්‍ය නැතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ ඊයේ (25) පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී විශේෂඥ වෛද්‍යවරිය පැවැසුවාය.
ඇය වැඩිදුරටත් මෙසේ කීවාය.
2023 වසරේ 'මිතුරු පියස' සේවාව ලබාගත් කාන්තාවන්ගෙන් සියයට 30ක්ම යැපෙන්නන් වගේම ගෘහිණියන්. අනෙක් කාන්තාවන්, ඉතාම ඉහළ මට්ටමේ රැකියාවල නියුතු සහ විවිධ තරාතිරමේ කාන්තාවන්. කාන්තාවන්, පිරිමි වගේම අනෙකුත් සමාජභාවයේ පිරිසත් මේ සේවාව ලබාගන්නවා. ඒ හැමෝටම කුමන හෝ පීඩාවක් තිබෙනවා. 'මිතුරු පියස' සේවාව ලබාගන්න තරාතිරම, ස්ත්‍රී පුරුෂභාවය බලපාන්නේ හෝ ඒවාට හානියක් සිදුවන්නේ නැහැ. විශ්වසනීයත්වය වගේම රහස්‍යභාවය අපි ආරක්ෂා කිරීමට බැඳී සිටිනවා. ඒ නිසා කිසිම කෙනෙක් පීඩාවට පත්ව අසතුටින් සිටිය යුතු නැහැ. 'මිතුරු පියස' වෙත පැමිණෙන්න.
රටපුරා දිස්ත්‍රික්ක සියල්ල ආවරණය වන පරිදි 'මිතුරු පියස' මධ්‍යස්ථාන 90ක්, ප්‍රධාන රජයේ රෝහලකම පිහිටුවා තිබෙනවා. ඊට අමතරව 0702611111 දුරකතන අංකයෙන් පැය 24 සේවාවක් ලබාදෙනවා. මේ සඳහා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් වෛද්‍යවරුන් 15 දෙනෙකුගෙන් සමන්විත සේවාවක් ලබාදෙනවා. නියමිත මාර්ගෝපදේශකයකට අනුව සෑම කෙනෙකුටම සහන ලබාදෙනවායිද පැවසුවාය.
Comments
Post a Comment
Your comment will be visible after approval