
වාර්ෂික ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තු අඩු කෙරෙන්නේ සියයට 25කින් යැයි රජය පවසයි. මෙම ගාස්තු සංශෝධනය එළැඹෙන ජූලි 1 වැනිදා සිට ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිසමේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවැසීය.
නව ගාස්තු සංශෝධනයට අනුව සාමාන්‍ය සේවා අවම බස් ගාස්තුවේ වෙනසක් සිදු නොවන්නේ යැයිද එම නිලධාරියා කීය. කෙසේ වෙතත් උපරිම ගාස්තුව රුපියල් 54කින් අඩුවනු ඇතැයිද ඔහු පැවැසීය. ප්‍රවාහන බලධාර්න් හා බස් සංගම් නියෝජිතයන් අතර මේ සම්බන්ධයෙන් ඊයේ (25දා) පස්වරුවේ ප්‍රවාහන අමාත්‍යාංශයේදී පැවැති සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ තිබිණි.
කෙසේ වෙතත් පසුගිය සතියේ පැවැති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක ජනමාධ්‍ය ඇමැති නලින්ද ජයතිස්ස මහතා පැවැසුවේ බස් සංගම් සැලකිය යුතු ගාස්තු අඩු කිරීමක් කළ යුතු බවයි. ආණ්ඩුව පසුගිය කාලයේ විටින් විට රුපියල් 38ක පමණ ඉන්ධන මිල අඩු කිරීමක් කර ඇති බැවින් මෙම ඉල්ලීම කරන්නේ යැයි ඇමැතිවරයා එහිදී පැවැසීය. එහිදී ඇමැතිවරයා මෙසේ ද කීය.
"ඒක අසාධාරණයි. අපි පහුගිය කාලේ රුපියල් 30ත් 38ත් අතර ප්‍රමාණයකින් රුපියල් 10 හා 12 වශයෙන් විටින් විට අඩු කළා. ඒ සහනය ජනතාවට ලැබිය යුතුයි. බස් සංගම්වලට අපි කියන්නේ ඒ සහනය ජනතාවට දෙන්න. එයාලට ඒ මොහොතේ අඩු කළ එක මදි කියන ප්‍රශ්නය තිබුණේ."
මේ සම්බන්ධයෙන් කළ විමසීමේදී පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේජ්රත්න මහතා පැවැසුවේ ගාස්තුවේ අඩු කිරීමකට බාධාවක්ව ඇත්තේ ඉන්ධන ගැළපුම් ගාස්තුව අනුව මාසිකව ඉන්ධන මිලෙහි වෙනසක් වීම බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval