a-unit-within-the-rmv-to-prevent-corruption

 අල්ලස හෝ දූෂණය මැඬලීමේ අරමුණින් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ අභ්‍යන්තර කටයුතු ඒකකයක් ස්ථාපිත කෙරුණි. එම ඒකකය මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා හා අභ්‍යන්තර කටයුතු ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරියා ලෙස කටයුතු කරන කොමසාරිස් (සංවර්ධන) පී. දිසානායක මහත්මිය අතින් විවෘත වුණි.




මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත පැමිණෙන සේවාලාභීන්ගේ කාලය හා මුදල් නාස්තිය වැළැක්වීම මෙන්ම ඔවුන්ට ප්‍රියශීලී වටපිටාවක් නිර්මාණය කිරීම තුළ සේවා සැපයුම තවදුරටත්  කාර්යක්ෂම කිරීම මෙම ඒකකය ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු පළමු වන අරමුණ වේ. 




ඒ සඳහා අවශ්‍ය මහජන අදහස්ද මේ හරහා ලබා ගැනීමට ක්‍රමවේදයන් රැසක් සකසා ඇත. මෙම ඒකකය පිහිටුවීමේ දෙවැනි  අරමුණ වනුයේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව තුළ සිදුවන අක්‍රමිකතා, අල්ලස් දූෂණ චෝදනා සම්බන්ධ පැමිණිලි  ලබා ගැනීමට මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමය. මෙහිදී මහජන පැමිණිලි ලබා ගැනීමට මෙන්ම මහජන අදඒස් හා යෝජනා විශ්ලේෂණය කර ඒ සම්බන්ධව කඩිනම් පියවර ගැනීමද මෙම ඒකකය පිහිටුවීමෙන් අපේක්ෂා කරනු ලබයි. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හා සම්බන්ධ බාහිර  හා අභ්‍යන්තර සේවාලාභීන් තෘප්තිමත් කිර්ම මෙම ඒකකයේ අරමුණු අතර ප්‍රධාන වී ඇත. මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා සැපයීම සම්බන්ධ විමසීම් හා පැමිණිලි 070 71 888 66 දුරකථන අංකය වෙත යොමු කළ හැකි අතර දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කර ඇති යෝජනා හා පැමිණිලි ලබා ගන්නා පෙට්ටිවලටද අදාළ පැමිණිලි යොමු කිර්මට සේවාලාභීන්ට මින් අනතුරුව අවස්ථාව හිමි වෙයි.