
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනපති ධුරය දැරූ කාලයේදී කළ පෞද්ගලික විදේශ සංචාර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියට ඊයේ (24) දැනුම් දුන්නේය.
එම විමර්ශනයට අදාළ වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (24) අධිකරණයට ඉදිරිපත් කළේය. පොදු දේපළ පනත යටතේ මෙම විමර්ශන කරන බවත් හිටපු ජනාධිපතිවරයාගේ විදේශ ගමන් වලදී රාජ්‍ය වියදම් යෙදවීමක් සිදුවී ඇතිද, එම වියදම් නීතිමය ක්‍රමවේදයට කර ඇත්ද යන්න සෙවීම මෙම විමර්ශනයේ අරමුණ බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය ඉදිරියේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේය.
විමර්ශනයේදී වරදක් සිදුවී ඇති බවට තහවුරු වුවහොත් පොදු දේපළ පනත යටතේ චෝදනා ගොනු කිරීමට බලාපොරොත්තු වන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවැසුවේය.
Comments
Post a Comment
Your comment will be visible after approval