a-super-cannabis-farm-was-built-on-the-top-floor-of-a-two-story-house-in-dehiwala-after-ordering-seeds-online

දෙහිවල සුපිරි තෙමහල් නිවෙසක උඩුමහලේ සරුවට වගාකර තිබූ රුපියල් ලක්ෂ 36ක් පමණ වටිනා ගංජා හයිබ්‍රිඩ් කුෂ් පැළ තොගයක් සමඟ ගිනි භටයෙක් පසුගියදා (10දා) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෙහිවල පදිංචි ගිනි නිවීම් ඒකකයේ භටයෙකි.

එම සැකකරු සමඟ අඩි දෙක, අඩි දෙකහමාර, අඩි තුන ආදී ව්ව්ධ ප්‍රමාණවලින් ගංජා හයිඩ්‍රඩ් කුෂ් පැළ 36ක් පොලිස් භාරයට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.දෙහිවල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අනුරාධ

හේරත් මහතාට ලද තොරතුරකට අනුව වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුන්ගෙදර මහතා ඇතුළු කණ්ඩායමක් වැටලීම සිදුකර ඇත.  අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී අන්තර්ජාලය හරහා ඇමරිකාවෙන් ආනයනය කරන ලද ගංජා හයිබ්‍රිඩ් කුෂ් ඇට මඟින් මෙම පැළ රෝපණය කරන බවත් එමඟින් නිෂ්පාදනය කරන මත්ද්‍රව්‍ය මිතුරන් අතරේ අලෙවි කරන බවත් අනාවරණය වී යැයි පොලිසිය කියයි.ම

ෙම පැළ වේළීමෙන් අනතුරුව ග්‍රෑම් එකක් රුපියල් 8500/- ක මුදලකට අලෙවි කර ඇති බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.