telephone-wins-akurana-pradeshiya-sabha-power-over-compass

 අකුරණ ප්‍රාදේශීය සභාවේ බලය වැඩි ඡන්දයෙන් සමගි ජන බලවේගයට හිමිව තිබේ.
අද (12දා) පෙරවරුවේ පැවති ඡන්ද විමසීමේ දී වැඩි ඡන්ද 03කින් සමගි ජන බලවේගයේ ඉස්තිහාර් ඉමාදුදීන් මහතා සභාපතීත්වයට පත්වූ බව මධ්‍යම පළාත් පාලන කොමසාරිස් චමිලා අතපත්තු මහත්මිය නිවේදනය කළාය. 





උප සභාපති ධූරය සඳහා ශ්‍රී ලංකා පොදු ජන පෙරමු​ණේ  චමින්ද තිලකරත්න මහතා ‍තේරී පත්ව තිබේ.


අකුරණ ප්‍රාදේශීය සභාවට සභිකධුර 30ක් හිමිව තිබූ අතර, අද දින එක් අයෙකු නොපැමිණි අතර ඒ අනුව සභිකයින් 29 දෙනෙකු ඡන්දය භාවිත කකර තිබුණි.

සභාපති ධුරය සඳහා ජාතික ජන බලවේගයෙන් තාරික් අලී  ඉදිරිපත් වූ අතර ඔහු ඡන්ද 13ක් හිමි කර ගෙන පරාජය විය.

මේ අතර උපසභාපති ධුරය සඳහා පොදුජන එක්සත් පෙරමුණේ චමින්ද තිලකරත්න මහතා ඡන්ද 18ක් හිමි කරගනිමින් පත්වු නමුත් ජාතික ජන බලවේගයේ වසන්ත කුමාර මහතා හිමිකර ගත්තේ ඡන්ද 11ක් පමණි.