a-special-mosquito-control-week-from-monday-30

 ඩෙංගු සහ චිකන්ගුන්යා රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින්, හෙට (30) දිනයේ සිට ලබන මස 06 වන දින දක්වා දිවෙන විශේෂ මදුරු මර්දන සතියක් ප්‍රකාශයට පත් කර තිබේ.

සෞඛ්‍ය අංශ විසින් මෙම වැඩසටහන දිවයිනේ දිස්ත්‍රික්ක දහසයක් ඉලක්ක කරගනිමින් ක්‍රියාවට නංවනු ලබයි. 



මෙම විශේෂ වැඩසටහන ක්‍රියාත්මක වන්නේ, වසරේ ගතවූ කාලය තුළ ඩෙංගු රෝගීන් 27,932 දෙනෙකු වාර්තා වී මරණ 16ක් ද සිදුව ඇති පසුබිමකය. සෞඛ්‍ය අංශ වැඩිදුරටත් අවධාරණය කරන්නේ එම මරණ අතරට එක් ළමා මරණයක් ද ඇතුළත් වන බවයි.

මෙම වසරේ වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන්ගෙන් සියයට 45ක්, එනම් අඩකට ආසන්න සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් වාර්තා වන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි. බස්නාහිර පළාතට අමතරව නැගෙනහිර, සබරගමුව සහ දකුණු පළාත්වල ද ඩෙංගු ව්‍යාප්තියේ වැඩිවීමක් නිරීක්ෂණය වන බව වැඩිදුරටත් සඳහන් කෙරේ.



gossiplanka image 2