
මිරිහාන, පිංනියර ප්‍රදේශයේ මලියකුට ලබාදීම සඳහා රැගෙන එමින් තිබූ රුපියල් ලක්ෂ 12කට ආසන්න කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 230ක ප්‍රමාණයක් සමඟ දිවයිනේ ප්‍රසිද්ධ නර්තන කණ්ඩායම් පුහුණු කිරීමේ නර්තන ශිල්පියකු සහ තවත් සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස විස මත්ද්‍රව්‍ය මැඬලීමේ ඒකකය පවසයි.
නුගේගොඩ කොට්ඨාස විස මත්ද්‍රව්‍ය මැඬලීමේ ඒකකයේ ස්ථානාධිපති පොලිස් සැරයන් වසන්ත නිලධාරියාට ලද රහසිගත තොරතුරක් මත කුෂ් මත්ද්‍රව්‍ය රැගෙන එමින් සිටි සැකකාර නර්තන ශිල්පියා අත්අඩංගුවට ගැනීමෙන් පසුව කළ පක්ෂණවලදී කුෂ් මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ ජාලයට සම්බන්ධ තවත් පුද්ගලයන් පිළිබඳ තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වූ බවත් පොලිසිය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු දීර්ඝ කාලයක් තිස්සේ කුෂ් මත්ද්‍රව්‍ය ජාවාරමේ හා බෙදා හැරීමේ නියැළී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවත් පොලිසිය පවසයි. ප්‍රධාන සැකකරු ඇතුළු අත්අඩංගුවේ පසුවන අනෙක් තිදෙනාද තදින්ම කුෂ් මත්ද්‍රව්‍ය පානයට ඇබ්බැහි වූවන් බවත් පොලිසිය පවසයි. අත්අඩංගුවට පත් වූ ප්‍රධාන සැකකරු 47 වැනි වියේ පසුවන බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත් අනෙක් සැකකරුවන් තිදෙනා 30, 24, 33 වැනි වයස් කාණ්ඩවල පසුවන මිහාන. මහරගම බොරවැස්ගමුව යන ප්‍රදේශයන්හි පදිංචිකරුවන් බවත් පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය කරගත් බව නුගේගොඩ කොට්ඨාස විස මත්ද්‍රව්‍ය මැඬලීමේ ඒකකය පැවැසීය.
ප්‍රධාන සැකකරු වෙත කුෂ් මත්ද්‍රව්‍ය ලැබෙන ආකාරය පිළිබඳව සොයා ගැනීම සඳහා පුළුල් පරීක්ෂණයක් පවත්වන බවත් පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් සිවුදෙනා නුගේගොඩ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිර්පත් කිරීමට නියමිතය.
Comments
Post a Comment
Your comment will be visible after approval