
විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නිල නිවේදනයකට අනුව, 2025 අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නොවැම්බර් 10 වන දින සිට දෙසැම්බර් 05 වන දින දක්වා පැවැත්වීමට නියමිතය. මෙම විභාගය සඳහා අයදුම්පත් භාරගැනීම හෙට (ජුනි26) සිට ආරම්භ වන අතර ජූලි 21 වන දින මධ්‍යම රාත්‍රී 12:00 දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයදුම්පත් ඉදිරිපත් කිරීමට හැකියාව ඇත.
විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්.ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් අවධාරණය කර ඇත්තේ, කිසිදු හේතුවක් මත අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ නොකරන බවයි.
එබැවින්, සියලුම අයදුම්කරුවන් නියමිත කාලසීමාව තුළ අයදුම්පත් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.
අයදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අයදුම්කරුවන් විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.onlineexams.gov.lk/eic වෙත පිවිසිය යුතුය. එහිදී ලබා දී ඇති උපදෙස් හොඳින් කියවා නිවැරදිව අයදුම්පත් පිරවීම අත්‍යවශ්‍ය වන බව කොමසාරිස්වරිය සඳහන් කර ඇත.
සියලුම පාසල් අයදුම්කරුවන් විසින් තම අයදුම්පත් පාසලේ විදුහල්පතිවරයා හරහා ඉදිරිපත් කළ යුතු අතර, පෞද්ගලික අයදුම්කරුවන් සෘජුවම අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය. විශේෂයෙන්ම, පෞද්ගලික අයදුම්කරුවන් විභාගයට අයදුම් කිරීමේදී ජාතික හැඳුනුම්පත් අංකය භාවිතා කළ යුතු බව අවධාරණය කොට ඇත.
පාසල් අයදුම්කරුවන් සඳහා වන පරිශීලක නාම (username) සහ මුරපද (password) දැනටමත් පාසල් ප්‍රධානීන්ට ලබා දී ඇති බවද කොමසාරිස්වරිය පැවසා ඇත. මෙම තොරතුරු භාවිතයෙන් පාසල් සිසුන්ගේ අයදුම්පත් නිසි පරිදි ඉදිරිපත් කිරීමට පාසල් පරිපාලනය වගබලා ගත යුතුය.
සියලුම අයදුම්කරුවන්ට නිසි කලට තම අයදුම්පත් ඉදිරිපත් කිරීමේ වැදගත්කම මෙම නිවේදනය මගින් අවධාරණය කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval