former-pohottu-mp-milan-jayathilake-arrested-on-bribery-charges

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි (SLPP) හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් ගොනු කරන ලද නඩුවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි අතර, අද දින ඇප මත නිදහස් කර ඇත.


කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු මන්ත්‍රීවරයා අද දින අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් මිලියන 01ක ඇප මුදලක් මත නිදහස් කරන ලදී.
හිටපු SLPP මන්ත්‍රීවරයා ඉඩම් සැලැස්මක් අනුමත කිරීමේදී සිදු වූ බවට

චෝදනා ලබන අක්‍රමිකතාවක් සහ රජයට අලාභ සිදු කිරීම සම්බන්ධයෙන් අල්ලස් කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙම සිද්ධිය ඔහු දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළ කාලය තුළදී සිදු වී ඇති බව වාර්තා වී තිබේ.
මිලාන් ජයතිලක වර්තමානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර විසින් නායකත්වය දරන සර්වජන බලය සංවිධානයේ ගම්පහ දිස්ත්‍රික් සංවිධායක ලෙස කටයුතු කරයි.

මින් ඉහත මොහු 2022 මැයි 17 වන දින, ගාලුමුවදොර සාමකාමී උද්ඝෝෂණයට එල්ල කරන ලද ප්‍රහාරයට සම්බන්ධ බවට චෝදනා ලැබ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) විසින් අත්අඩංගුවට ගනු ලැබූණි. එම සිදුවීමට අදාළව, ඔහු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුණි.




මීට අමතරව, 2023 වසරේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම මගින් කොළඹ මහාධිකරණයේ ඔහුට එරෙහිව තවත් නඩුවක් ගොනු කරන ලදී. එම නඩුව 2012 වසරේදී දොම්පේ ප්‍රාදේශීය සභාවේ සභාපති ලෙස කටයුතු කරමින් සිටියදී ගල් කොරියක බලපත්‍රයක් නිකුත් කිරීම සඳහා රුපියල් ලක්ෂ 7ක අල්ලසක් ලබා ගත් බවට එල්ල වූ චෝදනාවකට අදාළ වූ අතර, එම නඩුවේ සහ චෝදිතයෙකු ලෙස දොම්පේ ප්‍රාදේශීය සභාවේ හිටපු සභිකයෙකු වූ අජිත් සිසිර කුමාර යන අය ද නම් කොට තිබුණි.
මෙම නඩුවට අදාළව වසර 13 කට පසු අල්ලස් කොමිසම නැවත ක්‍රියාත්මකවී මෙම අත්අඩංගුවට ගැනීම සිදුවිය.