
එම ගිනි අවිය තබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ, මහියංගන අංක 40 ඉන්ඩස්ට්‍රියල් කොලනියේ පදිංචි 61 හැවිරිදි පුද්ගලයෙකු සහ එම ගිනි අවිය නිපදවූ බවට චෝදනා ලැබූ පතියත්තලාව ප්‍රදේශයේ පදිංචි 39 හැවිරිදි පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
බදුල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලට ලැබුණු රහස් තොරතුරක් මත ඔහුගේ උපදෙස් පරිදි, මහියංගන ප්‍රදේශයේ පළමු සැකකරුගේ නිවස සෝදිසි කළ විශේෂ පොලිස් කණ්ඩායම, නිවස අසල ගරාජයක සඟවා තබා තිබූ එම ගිනි අවි සොයාගෙන ඇත.
සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී, පතියත්තලාව ප්‍රදේශයේ ගිනි අවි නිපදවන පුද්ගලයෙකුගෙන් මෙම ගිනි අවිය ලබාගත් බව හෙළි වූ අතර, ඒ අනුව පැය කිහිපයකට පසු එම සැකකරුද පොලිස් කණ්ඩායම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ විමර්ශනවලදී, ඔහු යම් කාලයක සිට දඩයම් ගිනි අවි වැනි අවි නිපදවමින් සිටින බවත්, යූටියුබ් නාලිකාවේ වීඩියෝවක් නරඹා මෙම ගිනි අවිය නිපදවා ඇති බවත් පොලිසියට පවසා ඇත.
බදුල්ල දිස්ත්‍රික්කය භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ලගේ උපදෙස් මත පොලිස් පරීක්ෂක සුදේෂ් චතුරංග, පොලිස් ක්‍රෑදුරුකෝට්ට ඇතුළු කණ්ඩායම විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර පරීක්ෂණ සඳහා මහියංගන පොලිස් ස්ථානයට භාර දී ඇති බව පොලිසිය තවදුරටත් සඳහන් කරයි.
ඒ අනුව, මහියංගන පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්. විජේරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වෙන අතර, සැකකරුවන් දෙදෙනාම මහියංගන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval