
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා ඇතුළු සැකකරුවන් තිදෙනෙකු ඉඩම් වංචා චෝදනා මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන ඇත. මෙම අත්අඩංගුවට ගැනීම් ඊයේ (05) රාත්‍රියේ බත්තරමුල්ල ප්‍රදේශයේ පැලවත්ත පිහිටි නිවසේදී සිදු කර ඇති අතර, සැකකරුවන් අද (06) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක සඳහන් කළ පරිදි, හිටපු අමාත්‍යවරයා කූඨ ලේඛන සකස් කිරීම හරහා කැලණිය ප්‍රදේශයේ ඉඩමක් නීති විරෝධී ලෙස අලෙවි කිරීමේ චෝදනාවට ලක්ව සිටියි.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සිදු කරන ලද මෙහෙයුමේදී මර්වින් සිල්වා මහතා සමඟ තවත් පුද්ගලයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති අතර, එම පුද්ගලයා ඉඩම් වංචාවට සහය දුන් බවට චෝදනා එල්ල වී තිබේ. මේ අනුව, මර්වින් සිල්වා මහතා ඇතුළුව මුළු සැකකරුවන් සංඛ්‍යාව තුනක් වන අතර, ඔවුන් සියලු දෙනාම අද දිනයේදී අධිකරණය හමුවට පමුණුවා නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් සිදු කරමින් පවතින බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
මහින්ද රාජපක්ෂ රජයේ ප්‍රකට චරිතයක් බවට පත්ව සිටි පසුව රනිල් වෙත සම්බන්ධවූ හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මීට ඉහත කොළඹ 6 , පාර්ක් රෝඩ් ඉඩමක් අත්පත්කරගත් පලහිලව්වකටද මැදිවූ අතර ඔහු එලෙස අත්පත්කරගත් ඉඩම් ඒකක රැසක් ඇති බවට තොරතුරු පවතී
Comments
Post a Comment
Your comment will be visible after approval