police-release-statement-on-arrest-of-doctor-rape-suspect

ආන්දෝලනයක් ඇති කරමින් අනුරාධපුර වෛද්‍ය නේවාසිකාගාරය තුලදී වෛද්‍යවරියකට ස්ත්‍රී දූෂණය හා බරපතල ලිංගික අපයෝජනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගත් ආකාරය ගැන පොලිස් නිවේදනයක් නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.එහි මෙසේ සඳහන් වේ.
"2025.03.10 වන දින අනුරාධපුර පොලිස් ස්ථානයට වාර්තා වු අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍ය නේවාසිකාගාරයට අයුතු ලෙස ඇතුල් වී වෛද්‍යවරියෙකුගේ ගෙලට පිහියක් තබා බිය ගන්වා ස්ත්‍රී දූෂණය හා බරපතල ලිංගික අපයෝජනයක් සිදු කර ඇයගේ ජංගම දුරකථනය කොල්ලකා පලායාමේ අපරාධය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසිය මඟින් විර්මශන ආරම්භ කර තිබුණි.


මෙම අපරාධ සම්බන්ධයෙන් සිදු කල විමර්ශනයෙන් අනාවරණය කරගත් තොරතුරු මත අපරාධයට අදාල සැකකරු ගල්නෑව පොලිස් වසමේ රක්ෂිත කැලෑ ප්‍රදේශයක සැඟව සිටියදී, අනුරාධපුර, ගල්ල්නෑව පොලිස් ස්ථාන හා අනුරාධපුර විශේෂ කාර්ය බලකා නිලධාරීන් එක්ව රක්ෂිතය තුල සිදු කළ සෝදිසියකදී අත්අඩංගුවට ගන්නා ලදී.
සැකකරු වයස අවුරුදු 34 ක් වන ඇල පාර, ගල්ල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


අපරාධය සිදුකිරීමට යොදා ගත් පිහිය, සැකකරු අපරාධය සිදු කරන අවස්ථාවේ ඇඳ සිටි ඇඳුම් සහ දේපළ පොලිස් භාරයට ගෙන ඇත. කොල්ලකා රැගෙන යන ලද ජංගම දුරකථනය සොයා තවදුරටත් විමර්ශන සිදුකරමින් පවතී. මෙම සැකකරු වෙනත් පොලිස් වසම්වල සිදුකර ඇති අපරාධ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වන බැවින්, වැඩිදුර විමර්ශන සඳහා අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙත භාරදීමට කටයුතු කිරීමට නියමිතව ඇත."