
තමන් උගන්වන සිසුන්ට වේවැල් කිහිපයකින් පහරදෙමින් ඉගැන්වීම් කරන වරදකාරි සිසුන් දණගස්වා සිසුවියන් ලවා පහර දෙවන ටියුෂන් ගුරුවරයෙකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිලි කිරීමට අද දින පිරිසක් කටයුතු කර තිබේ.
ඩොක්ටර් යෝෂිත හෙට්ටිආරච්චි නමින් හඳුන්වා ගත් මෙම පුද්ගලයා සතුව ආචාර්ය උපාධියක් නැති බවත් ඔහු ප්‍රථම උපාධිය ලබාගත් බව කියන ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ඔහු අධ්‍යාපනය ලබා ඇති මුත් උපාධිය සම්පූර්ණ නොකළ අයෙකු බව එම සරසවිය මගින් සහතික කර දන්වා ඇති බවත් පැමිණිලිකරුවන් දන්වා ඇත.
උසස් පෙළ සිසුන්ට ආර්ථික විද්‍යා විෂයය උගන්වන මෙම පුද්ගලයා මාලිමා රජය බිහිකිරීමට අදාළ විද්වත් සාකච්ඡාවලට දායකවූ හා මාලිමාවට සම්බන්ධිත උපකාරක පන්ති ගුරුවරුන්ගේ සංගමය නියෝජනය කරන අයෙකු බවත් පැමිණිලි කරුවන් පවසන අතර ඔහු රජයේ වත්මන් මැතිඇමතිවරුන් හා අගමැතිනිය සමග එකට සිටින ඡායාරූප තුලින්ද වාසි ගන්නා බව පෙන්වාදී ඇත.
යෝෂිත හෙට්ටිආරච්චි නැමැත්තාට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණිල්ල සිදුවන අතරවාරයේ අද දින මේ සම්බන්ධයෙන් අද (11) කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදියෙකු විමසීමක්ද කළ අතර, ඔහු සඳහන් කළේ අදාළ ගුරුවරයා සම්බන්ධයෙන් ජාතික ළමා ආරක්ෂක අධිකාරිය පියවර ගනිමින් සිටින බවය.
යෝෂිත හෙට්ටිආරච්චි නමැති උපකාරක පන්ති පවත්වන ගුරුවරයෙක් එම පන්ති අතරතුර සිසුන්ට පහර දෙන ආකාරය මෙන්ම, ඔහු සිසුවියක් ලවා තවත් සිසුවෙකුට පහර දෙන මෙන් උපදෙස් දෙන ආකාරය දැක්වෙන වීඩියෝ දර්ශන පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූයේ පහත පරිදිය.
Comments
Post a Comment
Your comment will be visible after approval