
මහනුවර ජනතාව වෙනුවෙන් පොදුජන පෙරමුණෙන් නැවත වරක් දේශපාලනයට අවතිර්ණ වීමට තිරණයක් ගත් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා පවසා තිබේ.
ඔහු අද (11) මේ බව කියා සිටියේ, මහයියාවේ පිහිටි ඔහුගේ නිවසේදි පැවැත්වු මාධ්‍ය හමුවකදීයි.
පසුගිය මැතිවරණයට තමන් තරඟ නොකල බවත් අසතුටු සිද්ධීන් කිහිපයක් සිදුවු නිසා තම පක්ෂ කාර්යාලය මාස 3 ක් පමණ වසා දමන්නට සිදුවු බවත් ලොහාන් රත්වත්තේ මහතා පවසා තිබුණි.
පොදුජන පෙරමුණ මගින් තීන්දුවක් රැගෙන වගකීමක් බාර දුන්නොත් එය බාර ගැනිමට තමන් සුදානම් බවත්, මාලිමා රජය පොරොන්දු රාශියක් දුන් නමුත් ඒවා ඉටුවන බවක් පේන්නට නොමැති බවයි ඔහු පවසයි.
ජනතාව දුන් වගකීම තමන් ඉටු කළ බවත් පසුගිය මැතිවරණයේදි විශාල රැල්ලක් මාලිමාවට තිබුණ නිසා පිට ඡන්දය දුන් අයද ඒ පැත්තට ඡන්දය දුන් බවත් ලොහාන් රත්වත්තේ එහිදී කියා සිටියේය.
ජනතාව වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ නායකත්වය බාර ගන්නටද තමන් කැමති බවද පවසමින් ඔහු කියා සිටියේ, මහනුවර පමණක් නොව ලංකාවේම නායකත්වය දුන්නත් භාර ගන්නට තමන් සූදානම් බවත් පළාත් පාලන මැතිවරණයේ දී පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ ශක්තිය යොදවන බවයි.
තම පියාවූ අනුරුද්ධ රත්වත්තේ මහතගේ දේශපාලන ගමන් මග ඔස්සේ තවත් ඉදිරියට ගොස් ජනතාව වෙනුවෙන් සේවය කිරීම තමන්ගේ බලාපොරොත්තුව බවත් බලය රැක ගැනීම නොව මහනුවර ජනතාවගේ අයිතිවාසිකම් දිනාදීමට කටයුතු කිරීම වැදගත් බවත් අද ඔහු කියා තිබේ.
හිටපු ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයෙකු වූ අනුරුද්ධ රත්වත්තේගේ පුත්‍රයා වන ලොහාන් කලක් උඩතලවින්ත සමූහ ඝාතනය නිසා චෝදනාවට ලක්වූ අයෙකි.ඔහුට එරෙහි සාක්ෂි නැති නිසා එම ඝාතන වලින් නිදහස් විය.
පසුගිය ගෝඨාභය රාජපක්ෂ ජනපති සමයේ සිරකරුවන් පිරිසක් දණගස්වා බියට පත්කිරීමට ඔහ ක්‍රියාකළේ බන්ධනාගාර භාර ඇමතිවරයා ලෙසින් වන අතර මේ හේතු නිසා මානව හිමිකම් නඩුවක්ද ඔහුට එරෙහිව තිබේ.
අධික ලෙස බීමත්ව මාදිවෙල මන්ත්‍රී නිවසේ බැල්කනියට ගිනි අවිය රැගෙන පැමිණ තිබූ ලොහාන් 2023 සැප්තැම්බරයේ එයින් වෙඩි තුනක් අහස දෙසට එල්ල කර තිබූ අතර ආන්දෝලනයක් ඇති කළේය.
ලොහාන් රත්වත්තේ පසුගිය ජනාධිපතිවරණ සමයේ ආන්දෝලනයට ලක්වූයේ, තමා ජීවත්ව සිටින තාක් අනුර කුමාර දිසානායකට ජනාධිපති වීමට ඉඩ නොදෙන බව ප්‍රකාශ කිරීම හේතුවෙනි.
මෑතක දී, ඔහු සහ ඔහුගේ බිරිඳ නීතිවිරෝධී වාහනයක් භාවිත කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අතර ඇප මත මුදා හරින ලද නමුත් ඔහුට විදෙස් ගමන් තහනමක් පනවා ඇත.
මෙම වාහන ප්‍රශ්නයට සමගාමීව එය අයත් යයි ලොහාන් හැදින්වූ ලේකම්වරයා දිවිනසාගැනීම තවම අභිරහසකි.
“ජීවත්වෙලා හිටිය ඇති, විශාල මානසික පීඩනයකින් ඉන්නේ,
මෙෙහම ජීවත්වෙලා වැඩක් නැහැ“ යැයි ලිපියක් ලියා තබා හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සංජීව බස්නායක නමැති අය රත්වත්තේ පවුලට අයත් මහයියාවේ පිහිටි වලව්වට සම්බන්ධ කර ඉදි කෙරෙමින් පවතින ගොඩනැඟිල්ලක් තුළ හිසට වෙඩි තබාගෙන මියගියේ පසුගිය ඔක්තෝබර් මාසයේය.
බීමතින් ඩිෆෙන්ඩර් රථයක් ධාවනය කර කොල්ලුපිටිය ප්‍රදේශයේදී තවත් මෝටර් රථයක ගැටී අනතුරක් සිදු කිරීම සහ අනතුරට පත් මෝටර් රථයේ ගමන් ගත් පුද්ගලයන්ට බැණ තර්ජනය කර කලහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් පසුගිය දෙසැම්බර් මස ඔහු ගැන යලි කතාබහක් ඇති විය.
Comments
Post a Comment
Your comment will be visible after approval