veteran-actress-susantha-chandramali-passes-away

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය අභාවප්‍රාප්ත වී ඇත. කාලයක් තිස්සේ පිළිකා රෝගයෙන් පෙළුණු ඇය, රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින අතර මියයන විට 61 වන වියේ පසුවූවාය.

අබේසිරි නාරායන සුසන්තා චන්ද්‍රමාලි වනිගරත්න ලෙස  හැඳින්වුණු ඇය, 1964 පෙබරවාරි 21 වන දින හම්බන්තොට මුල්කිරිගල ප්‍රදේශයේ දී උපත ලැබුවාය. ඇය 1991 මාර්තු 12 වන දින කුමාර ලියනගේ මහතා සමඟ විවාහ වූ අතර, දෙදෙනාට තිසුරි යුවනිකා මද්දුම ලියනගේ නමින් එක් දියණියක් සිටී. තිසුරි ද ප්‍රසිද්ධ ටෙලි නාට්‍ය හා චිත්‍රපට නිළියක වන අතර, ඇය කිහිප වතාවක්ම හොඳම නිළියට හිමි සම්මාන දිනා ගත්තාය.



2020 වසරේදී සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට පිළිකාවක් ඇති බව මුල් අවධියේදී හඳුනාගනු ලැබුවාය. ඉන්පසුව ඇය පිළිකා වර්ධනය අඩු කිරීම සඳහා අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගත්තාය. ඇය වසර පහක් තිස්සේ රෝගීව සිටි අතර, 2020 වසරේ මුල් භාගයේදී තමන් පෙළන පිළිකාව හඳුනාගත් පසු, ඉතා උපේක්ෂාවෙන් සහ ධෛර්යයෙන් යුතුව ජීවිතයට මුහුණ දෙමින් අඛණ්ඩ ප්‍රතිකාර සඳහා යොමු වූවාය. ඇය ජීවිතය හැර ගියේ මෙම ප්‍රතිකාර මාලාව තුළදීය.

සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය 1986 වසරේ සිට ශ්‍රී ලංකාවේ කලා නිර්මාණ රැසකට සිය රංගන දායකත්වය ලබා දුන්නාය. ඇය ටෙලි නාට්‍ය මෙන්ම සිනමා නිර්මාණවලින් ද රසික හදවත් දිනා ගැනීමට සමත් වූවාය.

ඇගේ මුල්ම සිනමා අත්දැකීම ලැබුණේ සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කළ 2000 වසරේ "සරෝජා" චිත්‍රපටයේ හෙදියක ලෙස රඟපෑමෙනි. ඇය රඟපෑ ජනප්‍රිය චිත්‍රපට අතර "ජය පිට ජය", "රන් කෙවිට" සහ "නිදහසේ පියා ඩී. එස්." වැනි චිත්‍රපට ද වේ.

ඇය රඟපෑ තවත් චිත්‍රපට අතර "සුමේධ", "වන් ෂොට්", "උඩුගං යාමය", "නිදි යහන කැලබෙයි", "රන් කෙවිට 2", "ප්‍රවේගය", "වීරවර්ණ", "පුංචි අපිත් බය නෑ දැන්" වැනි චිත්‍රපට ද වේ. "වන් ෂොට්" චිත්‍රපටයේ පාසල් ගුරුවරියක ලෙස ද, "රන් කෙවිට" චිත්‍රපටයේ සුරන්ගේ මව ලෙස ද, "ජය පිට ජය" චිත්‍රපටයේ සන්ධ්‍යා ලෙස ද, "වීරවර්ණ" චිත්‍රපටයේ ආයෙෂාගේ මව ලෙස ද, "පුංචි අපිත් බය නෑ දැන්" චිත්‍රපටයේ විමලා ලෙස ද, "නිදහසේ පියා ඩී. එස්." චිත්‍රපටයේ මොලී දුනුවිල ලෙස ද ඇය රඟපෑවාය.

සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය "චාරුලතා", "සුජාතා" සහ "කන්දේ ගෙදර" වැනි ටෙලි නාට්‍ය තුළින් වඩාත් ප්‍රසිද්ධියට පත් වූවාය. ඇය රඟපෑ ටෙලි නාට්‍ය අතර "මුතුපලස", "දෙනුවර මැණිකේ", "ගිරිකුල" ද වේ.



ඇය රඟපෑ තවත් ටෙලි නාට්‍ය අතර:  අහස්, අනන්ත, අයෝමි (2021), චක්‍රන්දි, ඇහිපිල්ලමක් යට, ගමනේ යා, ගංගා සහ නිස්සංක, හිම වරුසා, ඉහිරුණු කිරි කඩතිර  කදුපුල් මල් මනෝකාය මායා මන්සල මැද ගෙදර මිරිඟු සයුර  පවනී පිනි වැස්සක් රාජ වරම
 රාජිනී රංග සොබා  සමනල වසන්තය  සමනල යාය ඳ ගිනිගත් රාත්‍රිය සඳ ගොම්මන් රේ සඳ නුඹ නම් සන්ත්‍රාසේ සසර බැඳි බැමි සිහින සින්ඩරෙල්ලා සිවුසිය ගව්ව සුදු හාමිනේ සුවඳ යහළුවෝ, තිමිර ගිරා විසිරුණු රේණු වනවදුලේ වසන්තය,  වසන්තය අරං ඇවිත්, වාසුලි කන්ද  හා වැඩ මහත්තයා ආදිය තිබේ.

ඇය "කන්දෙගෙදර" ටෙලිනාට්‍යයේ චාරුලතා චරිතය හරහා ඉතා ජනප්‍රියත්වයට පත් වූ අතර, තවත් නිර්මාණ රැසකට දායකත්වය දෙමින් සිය රංගන හැකියාව විදහා දැක්වූවාය.


රංගනයට අමතරව, 2009 වසරේදී සුසන්තා චන්ද්‍රමාලි මහත්මිය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් දකුණු පළාත් සභා මැතිවරණයට තරග කළාය. කෙසේ වෙතත්, ඇයට පළාත් සභාවට තේරී පත්වීමට හැකියාවක් ලැබුණේ නැත.

ප්‍රවීණ රංගන ශිල්පිනී සුසන්තා චන්ද්‍රමාලි මහත්මියගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිත බව ඇගේ පවුලේ සාමාජිකයින් පවසා ඇත.
ඇයගේ රෝගී තත්වය ගැන පැහැදිලි කරමින් මීට වසර දෙකකට පෙර සිදුකළ වීඩියෝව පහතින්