a-request-to-recount-the-kalutara-preferential-votes-has-caused-a-stir

 පසුගිය නොවැම්බර් 14 වැනිදා පැවැති මහ මැතිවරණයේදී කළුතර දිස්ත්‍රික්කය සඳහා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන් විසින් ලබාගත් මනාප ඡන්ද යළි ගණනය කර නව ප්‍රතිඵල නිකුත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කළුතර දිස්ත්‍රික් නව සමෘද්ධි අධ්‍යක්ෂ ලෙස වැඩ භාරගැනීමට, සමෘද්ධි දෙපාර්තමේන්තුවෙන් ඊයේ (06දා) පැමිණි උසස් නිලධාරියා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ජ්‍යෙෂ්ඨ

නිලධාරීන්ගේ දැඩි විරෝධතාව හමුවේ යළි පිටත්වූ බව කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ප්‍රකාශකයෙක් පැවැසීය. සමෘද්ධි දෙපාර්තමේන්තුවට අයත් පොළොන්නරුව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ ලෙස කටයුතු කර කළුතර දිස්ත්‍රික්කයට ස්ථාන මාරු ලබා පැමිණි නිලධාරියකු මෙසේ පිටව ගොස් ඇති බව සඳහන්ය.



ඔහු වැඩ භාරගැනීමට පෙර අසුන් ගැනීමට සූදානම් වූ වෙනත් අසුනක අසුන් ගැනීමට නොහැකි වන පරිදි ජලය වැනි කිසියම් ද්‍රාවණයක් හලා තිබූ බවද දිස්ත්‍රික් ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.පැවැති විරෝධතාව හමුවේ නව තනතුර භාර ගැනීමට පැමිණි නිලධාරියා යළිත් බසයක නැඟී කොළඹ සමෘද්ධි දෙපාර්තමේන්තුවට යෑමට පිටත්ව ගිය බවද සඳහන් වේ.



මේ පිළිබඳව විමසීමේදී සමෘද්ධි දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සී.ඩී. කළුආරච්චි මහතා සඳහන් කළේ එම නිලධාරියා නුදුරේදී විශ්‍රාම යෑමට නියමිත බැවින් පොළොන්නරුව සිට කළුතරට මාරු කළ බවත් විරෝධයක් හමුවේ යළි දෙපාර්තමේන්තුවට වාර්තා කර ඇති බවත්ය. කෙසේ නමුත් ඔහු යළි පොළොන්නරුව දිස්ත්‍රික් සමෘද්ධි අධ්‍යක්ෂ වශයෙන් පත්කිරීමට කටයුතු කරන බවය. කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල උසස් නිලධාරියෙක් සඳහන් කළේ කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පරිපාලන තනතුරු 18ක්, සැලසුම් 5ක් සහ දෙපාර්තමේන්තු 2ක් ඇති නමුත් එකී තත්ත්වය හමුවේ අමතරව ප්‍රශ්නගත තනතුර පත් කර ඇති අභ්‍යන්තර සංගම් ගැටලුවක් හේතුවෙන් විරෝධය මතුව ඇති බවයි.