මහෙස්ත්‍රාත්වර්ය කර තිබෙන දැනුම්දීමට අනුව ඊට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස රෙජිට්‍රාර්වරිය විසින් බන්ධනාගාර නිලධාරීන්ටද දැනුම්දී ඇත.බන්ධනාගාරගත කර සිටින එම සැකකරුවන් අධිකරණය වෙත රැගෙන ඒමේදී පවතින අනාරක්ෂිත තත්ත්වය සැලකිල්ලට ගනිමින් මහෙස්ත්‍රාත්වරිය එම දැනුම්දීම සිදුකර ඇති බවද දැනගැනීමට තිබේ.මේ වන විට මෙම සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් 11 දෙනකු හඳුනාගෙන ඉන් 9 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති නමුත් ගණේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අදාළ ගිනි අවිය අධිකරණය තුළට රහසිගතව රැගෙන ගිය බව කියන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය මේ වන විටද පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන නොමැත.
නීතිඥයකු වෙසින් අධිකරණය තුළට ගොස් වෙඩි තැබීම සිදුකළ බව කියන පුද්ගලයා මේ වන විට කොළඹ අපරාධ කොට්ඨාසයේ දින අනූවක් රඳවා තබාගෙන ප්‍රශ්න කරමින් සිටින අතර එම ඝාතනයට අනුබල දුන් බව කියන සෙසු සැකකරුවන් නව දෙනා මේ වන විට සිටින්නේ රක්ෂිත බන්ධනාගාරගතවය.එසේ රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් නව දෙනා අද දින ස්කයිප් තාක්ෂණය ඔස්සේ එසේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Comments
Post a Comment
Your comment will be visible after approval