Hirunika-Hiran-break-up-marriage-divorsed

 හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සහ කලා ශිල්පියෙකු වන හිරාන් යටෝවිට මහතා අතර පැවති විවාහය නිමාවට පත්ව ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ. සමගි ජන බලවේගය පක්ෂයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පසුගිය මාර්තු 11 වන දින සිය ෆේස්බුක් සමාජ මාධ්‍ය ගිණුම හරහා මෙම තීරණය ප්‍රසිද්ධියට පත් කළාය.

හිරුණිකා මහත්මිය සිය සමාජ මාධ්‍ය ගිණුමේ සටහන් කර ඇත්තේ තමන් හා හිරාන් යටෝවිට මහතා අතර විවාහය අවසන් කිරීමට දෙපාර්ශවයේම අවබෝධයෙන් හා ගෞරවයෙන් යුතුව තීරණය කර ඇති බවයි. "දීර්ඝ කාලීන සිතුවිලි හා ප්‍රතිබිම්බයකින් පසු හිරාන් සහ මම අපගේ විවාහයෙන් වෙන්වීමට තීරණය කළා.
මෙම තීරණය අනෙ‍්‍යාන්‍ය ගෞරවයෙන් හා අවබෝධයෙන් ගනු ලැබුවා" යනුවෙන් ඇය සඳහන් කර තිබේ.

වසර 10ක කාලයක් ඔවුන් දෙදෙනා හවුල් ජීවිතයක් ගත කර ඇති අතර, ඔවුන්ගේ සිහින ජීවිතය එකට ගොඩනගා ගැනීමට හැකි වී ඇති බවද ඇය සඳහන් කර තිබේ. "අපි සහකරුවන් ලෙස අත්විඳින්නට ලැබුණු ආදරය ගැන අපි ඇත්තෙන්ම කෘතඥ වනවා. අපි විවාහ වන විට, ජීවිතය අනපේක්ෂිත හැරවුම් ගත හැකි බව අවබෝධ කරගෙන සිටි නිසා අපි කිසිදා සදාකාලික පොරොන්දුවක් දුන්නේ නැහැ. ඒ වෙනුවට අපි හැම දිනකම අපගේ හොඳම දේ ලබා දීමට කැපවුණා, සහ ඒ තමයි අපි සතුටුදායක වසර ගණනාවක් තුළ කළේ" යැයිද හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය සිය ප්‍රකාශයේ සඳහන් කර තිබේ.

ඔවුන්ගේ ජීවිත මාර්ග වෙනස් වූ සංධිස්ථානයකට ළඟා වූ බවත්, මෙම තීරණය සැහැල්ලුවෙන් ගත් එකක් නොවන බවත්, මාස ගණනක් තිස්සේ දෙපාර්ශවය මේ ගැන අවධානය යොමු කර ඇති බවත් ඇය අවධාරණය කර තිබේ. "අපි අපගේ මාර්ග වෙනස් වන හරස් මාර්ගයකට පැමිණියා. එය සැහැල්ලුවෙන් ගත් තීරණයක් නොවෙයි, අපි මාස ගණනක් එය ගැන සිතුවා, නමුත් අවසානයේ එකිනෙකාට ස්වාධීනත්වය ලබා දීමට තීරණය කළා. අපි බෙදා හදා ගත් කාලය ගැන අපි කෘතඥ වනවා" යැයි ඇය වැඩිදුරටත් පවසා ඇත.


හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ හිරාන් යටෝවිට දෙපළ විවාහ වීමට පෙර දීර්ඝ කාලයක් ආදර සබඳතාවයක නිරත වූ අතර, 2014 වසරේදී ඔවුන් දෙදෙනා විවාහ දිවියට එළඹුණහ. රූපරාජිණී තරගයක් විනිශ්චය කරන්නට ගිය අවස්තාවක මුණගැසී ආදර සම්බන්ධයක් ගොඩනගාගෙන පසුව විවාහ වී තිබුණි.හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය දේශපාලන ක්ෂේත්‍රයේ කැපී පෙනෙන චරිතයක් ලෙස සැලකේ. ඇය හිටපු ජනප්‍රිය දේශපාලනඥයෙකු වූ භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතාගේ දියණිය වන අතර, ඔහුගේ අභාවයෙන් පසු දේශපාලන ක්ෂේත්‍රයට පිවිසීමත් සමඟ වේගයෙන් ප්‍රසිද්ධියට පත් වූවාය.

දෙදෙනාගේ විවාහ ජීවිතය තුළ ඔවුන් එකට ගත කළ වසර ගණනාවක්, එකඟතාවයෙන් හා අනෙ‍්‍යෝන්‍ය අවබෝධයෙන් යුක්ත වූ බව ප්‍රකාශයෙන් පෙනී යයි. එකිනෙකාට ශුභාශිංසන පමණක් පතන බව පවසමින්, "අපි එකිනෙකාට හොඳම දේ පමණක් ප්‍රාර්ථනා කරනවා. ඔබගේ කරුණාව, ආදරය සහ අපගේ ගමනේ කොටසක් වීම සම්බන්ධයෙන් ස්තූතියි" යැයි හිරුණිකා සහ හිරාන් දෙදෙනාම ඒකාබද්ධව පවසා තිබේ.

මෙම ප්‍රකාශය හරහා දෙදෙනාගේ විවාහ ජීවිතය නිමාවට පත්ව ඇති අවස්ථාවේ ඔවුන්ගේ දරුවන් සම්බන්ධ කවර තීන්දුවකට එළැඹුනේදැයි දක්වා නැත.
තරුණයෙකු පැහැරගෙන යාමේ චෝදනාවට කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීමේ චෝදනාවලට වරදකරු කර 2024 දී බරපතළ වැඩ සහිත වසර තුනක සිර දඬුවම් නියම කර එයින් පසුව නිදහස්වූ හිරුණිකා තමා එම දඩුවමට නියම කළ අවස්ථාවේ අධිකරණයට දන්ව සිටියේ 'මට දරුවන් තුන්දෙනෙක් ඉන්නවා' වැලිකඩ දාන්න එපා යනුවෙනි.

ඇයගේ අභියාචනය අනුව සති 3 කින් නිදහස් විය. වරක් ඇය මෙසේ කීවාය.

'මගේ කෙන්දර ඒවා හැමදේම හදලා තියනවා හැබැයි විශ්වාස කරන්න මගේ ජිවිතේ විවාහය ගත්තොත්  එහෙම අපි දෙන්නගේ කෙන්දර දෙක බලද්දී සතපහකට ගැලපුනේ නැහැ. අපිට බඳින්න නැකතක් තිබ්බේ නැහැ. හැබැයි මට ආව ප්‍රශ්න වලදී නොගැළපෙනවායි කියන කෙන්දරේ හිටපු මහත්තයා මට පහුගිය කාලේ ආව ප්‍රශ්න වලදී මාත් එක්ක මහා පර්වතයක් වගේ හිටගත්තානේ.. මේක එක උදාහරණක්. මේ රටේ මිනිස්සු තේරුම් ගන්න මේ වේලාවල් බලලා, කේන්දර බලලා කවදාවත් පවුලක් කන්නවත් බැරි එකේ  රටක් පාලනය කරන්නත් බැ තමයි.'