
කිරිබණ්ඩලාගේ නිලන්ත මධුරංග රත්නායක නම් වන මෙම සැකකරු යුද හමුදා සේවයෙන් පළා ගොස් සිට ඇති අයෙකු වන අතර ගල්නෑව, නවනගරය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. වයස අවුරුදු 34ක් වන සැකකරු ස්වාමීන් වහන්සේ නමක ලෙස ද කටයුතු කර ඇති බව හෙළිවී තිබේ.
පොලිස් වාර්තා අනුව, සැකකරු වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගතව සිට පෙරේදා (මාර්තු 10) දිනයේදී නිදහස ලැබ පැමිණ ඇත. එමෙන්ම ඔහු යුද හමුදා සේවයෙන් පළා ගොස් සිටි අයෙකු බව ද තහවුරු වී තිබේ.
සිද්ධිය සිදුව ඇත්තේ මාර්තු 10 වන දින රාත්‍රියේදීය. අනුරාධපුර වයස අවුරුදු 32ක වෛද්‍යවරිය සුපුරුදු පරිදි පොරොත්තු රාජකාරී සඳහා රෝහලේ සේවයට වාර්තා කර තිබුණි.
රාත්‍රී 7.00ට පමණ සිය පොරොත්තු රාජකාරී අවසන් කළ වෛද්‍යවරිය, රෝහලේ සිට ඊට ඉදිරිපසින් පිහිටි වෛද්‍ය නිලධාරීන් පමණක් පදිංචි වී සිටින නිල නිවාසය දක්වා ගමන් කර තිබේ.
වෛද්‍යවරිය සිය නිල නිවසට ඇතුළු වන අවස්ථාවේදී, පසුපසින් පැමිණි මොහු එක්වරම පිහියක් ගෙලට තබා ඇය බියගන්වා ඇති බව වාර්තා වේ. අනතුරුව, වෛද්‍යවරියට කෑ ගැසීමට නොහැකි අයුරින් තදින් මුඛය බැඳ, ඇය ලවාම නිල නිවසේ දොර විවෘත කරවාගෙන තිබේ.
පසුව, වෛද්‍යවරිය රැගෙන නිවස තුළට ඇතුළු වූ ඔහු, කිසිවෙකුටත් ශබ්දය නොඇසෙන සේ දොර වසා දමා වෛද්‍යවරියගේ දෑත් බැඳ, දෑස් වසා, කෘෘරලෙස දූෂණයට ලක් කර ඇති බව මේ වනවිට සිදුකළ පරීක්ෂණයෙන් හෙළිවී ඇත.
අපරාධය සිදු කිරීමෙන් අනතුරුව සැකකරු වෛද්‍යවරියගේ ජංගම දුරකථන දෙකකින් එකක් ද පැහැරගෙන පළා ගොස් ඇත.
සිද්ධියෙන් සුළු වේලාවකට පසු, නිදහස් වූ වෛද්‍යවරිය යළිත් රෝහල් වාට්ටුවට පැමිණ එහි දුරකථනයකින් සිය පියා අමතා තමන් මුහුණ දුන් සිදුවීම දැනුම් දී ඇති බව වාර්තා වී තිබේ.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකර ඇත්තේ වෛද්‍යවරියගේ සොරකම් කළ දුරකථනයෙන් ලැබුණු සංඥා ඔස්සේය. සැකකරු රැගෙන ගිය දුරකථනයෙන් ලද සංඥා අනුව අවුකන දුම්රිය පොළ ආසන්නයේදී දුරකථන සංඥා නැවතී තිබීම නිරීක්ෂණය කරන ලදී.
මේ හේතුවෙන් පොලිසිය විසින් එම ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් තීව්‍ර කරන ලදී.
එහි ප්‍රතිඵලයක් ලෙස, ගල්නෑව පොලිසියේ විශේෂ කණ්ඩායමක් විසින් සැකකරු ගල්නෑව, එළබදුගම ප්‍රදේශයේ සැඟවී සිටියදී අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
සැකකරු පිළිබඳව වැඩිදුර පරීක්ෂණ මේ වන විට සිදු කරමින් පවතින අතර, සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය පවසයි.
මෙම සැකකරු අල්ලන ලෙස වෛද්‍යවරුන් බලකරමින් දීප වයාප්ත වැඩවර්ජනයක්ද අරඹා තිබෙන අතර සැකකරු ඇල්ලුවත් එය නොනවත්වන බව පවසන වෛද්‍ය නිලධාරීන්ගෙ සංගමය යුක්තිය ඉඩවුන තෙක් හෙටත් වැඩවර්ජනය කරන බව අද දහවල් පවසා ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval