the-younger-brother-of-the-brother-who-was-killed-by-police-gunfire-in-kotahena-says

ඊයේ රාත්‍රී කොටහේනේදී මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමෙන් පසු පොලිසිය අල්ලාගත් පෙරේරා නමැති ඝාතකයෙකු පසුව පොලිස් වෙඩි පහරින් මියගියේ ආයුධ පෙන්වන්ට යද්දී බව පොලිසිය ප්‍රකාශ කර තිබුණි.
මෙම පුද්ගලයාගේ මල්ලී රූපවාහිනී මාධ්‍ය කැමරා ඉදිරියේ ප්‍රකාශයක් අද දහවල් ලබාදී තිබේ.
ඔහු එහිදී මෙසේ කියයි.



 "මගේ අයියා ගැන කියන්න ඕනේ. එයා ගෙදරින් එළියට බැහැලා ගියා. මගේ අයියා සංවිධානාත්මක අපරාධකාරයෙක් නෙමෙයි. එයා ‍එහෙම මෙහෙයුම් කරන්න යන තරම් කෙනෙක් නෙමේ, ආයුධ පෙන්නලා දෙන්න තරම් ආයුධයක් එයා දන් නැහැ.මිනිස්සු එක්කගෙන යන්න තරම් සංවිධානාත්මක අපරාධකාරයෙක් නෙමෙයි.

අයියව අත්අඩංගුවට අරගෙන වීඩියෝවක් පෙන්නුවා. ඒක බාගයට විතරයි තිබුණේ. මම කියන්නේ මේක ගැන තව හොයලා බලන්න කියලා. අත්අඩංගුවට ගත්ත කෙනෙක්ව මෙහෙම මරන්න බෑ. අපි සත්තු නෙමෙයි නේ. මනුෂ්ය ජීවිත වටිනවා.

අයියව කොළඹදී පොලිසිය අත්අඩංගුවට ගත්තාම නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඖන. පාරට දාලා ගහද්දි තමයි අයියා නැති වුණේ මට හිතෙන විදිහට. ඊට පස්සේ පොලිසිය බොරුවට වෙඩි තිබ්බා. මීට කලින් අයියා කවදාවත් මෙහෙම දෙයක් කරලා නෑ. එයා මත්ද්රව්ය ගන්නවා නෑ කියන්නේ නෑ.ඒත් අපරාධකරුවෙක් නෙමේ.



සමාජයේ වෙන කෙනෙක් විදිහට මේ පොලිස් නිලධාරීන් මේවා කරන්න පුළුවන්. ඔවුන් වැරදි කළා නම් ඒකත් වැරදියි. මනුෂ්ය ජීවිතයක් එළුවෙක්ගේ ජීවිතයක් වගේ සලකන්න බෑ.

අයියව අත්අඩංගුවට අරගෙන පැය දෙක තුනක් යනකොට විමර්ශනයක්වත් කළේ නෑ. සාමාන්‍යයෙන් අත්අඩංගුවට ගත්තම උසාවි දාන්න ඕනේ. පැයක් දෙකක් යන්න කලින් අරන් ගිහින් මේ විදිහට ආයුධ පෙන්නලා යන එක වැරදියි."