the-uswetakeiyawa-beach-murder-is-also-an-underworld-act-cctv-footage-of-the-shooter-fleeing-has-been-released
ජා-ඇල, උස්වැටකෙයියාව මෝගන් වත්ත ප්‍රදේශයේ වෙරළ තීරයෙන් අද උදෑසන හමු වූ මෘත දේහයක් සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරන පොලිසිය සඳහන් කරන්නේ මෙම ඝාතනය පිටුපස සංවිධානාත්මක අපරාධ ජාලයක සම්බන්ධතාවයක් ඇති බවට සැක කෙරෙන බවයි.



පොලිස් විමර්ශන වලට අනුව, මියගිය පුද්ගලයා මාස කිහිපයකට පෙර ඩුබායි සිට ශ්‍රී ලංකාවට පැමිණි කඩවත පහළ කරගහමුණ ප්‍රදේශයේ පදිංචි  අවුරුදු 35ක් පමණ වූ  අයෙකු බව හඳුනාගෙන ඇත. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරමේ නියැලී සිටි බවට තහවුරු වී ඇති අතර,

මෙම ඝාතනය එම ක්‍රියාකාරකම් හා සම්බන්ධ විය හැකි බවට පොලිසිය සැක කරයි.
උදෑසන පාන්දර වෙරළ තීරයේ සැරිසරමින් සිටි ප්‍රදේශවාසීන් විසින් මෙම මෘත දේහය මුලින්ම දැක ඇති අතර, ඔවුන් වහාම පොලිසියට දැනුම් දී ඇත. මෘත දේහය සොයා ගන්නා විට එහි වෙඩි තැබීමේ සලකුණු පැහැදිලිව දක්නට ලැබී ඇති බව පොලිස් නිලධාරීන් වැඩිදුරටත් පවසයි.
පොලිස් පරීක්ෂණ වලට අනුව, මියගිය පුද්ගලයාගේ පපු ප්‍රදේශයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව තහවුරු වී තිබේ.
ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති ආරක්ෂක කැමරා පද්ධති වල දර්ශන පරීක්ෂා කිරීමේදී රාත්‍රී 11.10 ට පමණ පුද්ගලයෙකුට වෙඩි තබන දර්ශන අපැහැදිලි ලෙස දර්ශනය වන අතර අනතුරුුව එම ස්තානයේ සිිට කිසිවෙකු පැන දුවන අයුරුද සටහන්වී තිිබේ.

පොලිසිය දැනට මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ කොට්ඨාසය මගින් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යාංශයේද සහය ඇතිව විමර්ශන කටයුතු සිදු කෙරේ. මෙම ඝාතනය පිටුපස සිටින සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුම් දැනටමත් ආරම්භ කර ඇති බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කරයි.
සීසීටීවී දර්ශනය පහතින්