bodies-of-father-and-two-children-found-at-home-in-middeniya-crying-video

වීරකැටිය මීගස්ආර ප්‍රදේශයේ පදිංචිව සිටි අරුණ විදානගමගේ හෙවත් 'කජ්ජා' යන අන්වර්ත නාමයෙන් ප්‍රදේශයේ ප්‍රකට වූ පුද්ගලයා, ඔහුගේ අවුරුදු 8ක් වයසැති දියණිය සහ අවුරුදු 9ක් වයසැති පුත්‍රයා යන තිදෙනකු කුරිරු වෙඩි ප්‍රහාරයකින් පසුගිය 18 වනදා ජීවිතක්ෂයට පත්වූ අතර


මියගිය පියා සහ දියණියගේ මෘත දේහයන් අද දින මිද්දෙණියේ කුඩගල්ආර පිහිටි ඔවුන්ගේ නිවසට ගෙන එනු ලැබූ අතර, අවමඟුල් කටයුතු අද සවස සිදු කිරීමට සැලසුම් කර තිබේ.

මෙම සිදුවීම නිසා ගම්මානයම කම්පානයට පත්ව ඇත.

පසුගිය 18 වන දින රාත්‍රියේ මිද්දෙනිය ගල්පොත්තයාය ප්‍රදේශයේදී සිදුවූ වෙඩි තැබීමකින් සිදුවූ මෙම ත්‍රිත්ව ඝාතන  සිද්ධියට සම්බන්ධ බවට සැක කෙරෙන පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අද (21) උදෑසන පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.තංගල්ල කොට්ඨාසයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල සෙනෙවිරත්න මහතාගේ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇත. පොලිස් නිලධාරියෙකු මෙම ඝාතන සමඟ සම්බන්ධ වී ඇත.
video පහතින්