
පසුගියදා රංගනගේ යූටියුබ් නාලිකාවට පැමිණි ඕෂධී හේවාමද්දුම සිය හමේ පැහැය වෙනස්කරගත් ආකාරය ගැන හෙළිදරව්වක් කර තිබුනේ මෙසේය.
"නෑ ඉතිං මුළු රටම දන්න කාරණාවක්නෙ. මගේ හමේ ආපු ප්රශ්නයක් නිසා තමයි මම මගේ හමේ පාට වෙනස් කර ගත්තේ. ට්රෙන්ඩ් එකට හෝ ලස්සන වැඩි කර ගන්න නෙවෙයි.
කලා ක්ෂේත්රයේ සමහරු මේක දන්නවා. මගේ හමේ ප්රශ්නයත් එක්ක මට මේක අවශ්‍ය වුණා. ඒ නිසා අපි කෙළින්ම කතා කරමු.
මට හමේ පාට වෙනස් කරගන්න අවශ්‍යතාවය තිබුණා. ඒක වෙනුවෙන් මම ලංකාවේ සහ විදෙස් රටවල ගොඩක් ප්රතිකාර ගත්තා. විදෙස් රටවලදී මේක රෝග තත්වයක් විදියට හඳුන්වනවා. ඩිසීස් එකක් නෙවෙයි, ඩිසෝඩර් එකක් - ස්කින් සිස්ටීන් ඔස්ටින් ඩිසෝඩර් කියලා.
මෙලනින් ඉන්බැලන්ස් එකත් එක්ක තමයි මේක වෙන්නේ. වෙන රෝගී තත්වයක් හෝ රෝග ලක්ෂණයක් නෑ හමේ පාට වෙනස් වීම හැරෙන්න. කසන්න, ආසාදන වගේ කිසිම දෙයක් නෑ.
විදෙස් රටවල ගොඩක් අයට මේක තියෙනවා. නමුත් ඒ රටවල මේක ගණන් ගන්නේ නෑ මොකද ඔවුන්ගේ හමේ පාටත් එක්ක මික්ස් වෙලා යන නිසා.
මම මේක හොයාගෙන සිංගප්පූරුවට ගියා. එහිදී වෛද්යවරයෙක් කිව්වා මේකට මෙඩිකල් ට්රීට්මන්ට් එකක් නෙවෙයි, බියුටි ට්රීට්මන්ට් එකක් කරන්න ඕනෙ කියලා. මම වෘත්තීය රංගන ශිල්පිනියක් නිසා හැමතිස්සෙම මේකප් දාගෙන ඉන්න බෑ. මට සාමාන්ය විදියට පාරේ බහින්න පුළුවන් වෙන්න ඕනෙ.
ඒ වෛද්යවරිය මට ක්රීම් එකක් හදලා දුන්නා - කඩෙන් ගන්න පුළුවන් එකක් නෙවෙයි.
මම ඒක අවුරුද්දකට වඩා කාලයක් පාවිච්චි කළා. මුළු ශරීරයේම එක පාටක් එන්න ගොඩක් කාලයක් ගියා. ඉන්ජෙක්ෂන් ගහන්න ඕන වුනේ නැහැ..
ලංකාවේ සමහර කූට ව්‍යාපාරිකයෝ මගේ නම පාවිච්චි කරලා "ඕෂධී ක්රීම්" කියලා අහිංසක මිනිස්සුන්ගෙන් සල්ලි ගසා කනවා. මම ලංකාවේ කිසිම තැනකින් ප්රතිකාර අරගෙන නෑ. සිංගප්පූරුවෙන් විතරයි.
මට ලක්ෂ ගානක් වියදම් වුණා. අවුරුද්දකට වැඩි කාලයක් ගියා. මේක ක්ෂණිකව කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මම මේක කළේ මගේ පුතා ඉපදෙන්න කලින්. සමහරු මගෙන් අහනවා, මම කියනවා මේ ප්රශ්නය තියෙනවා නම් වෛද්‍ය උපදෙස් ගන්න කියලා.
දැන් අවුරුදු දොළහකට වැඩියි, ඒක කරල දීපු අයගේ මට හරියටම කොන්ටැක්ට් එකක් නෑ."
වීඩියෝව පහතින්








Comments
Post a Comment
Your comment will be visible after approval