
විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ ක්‍රියාවලියේ පවතින ගැටලු සහගත තත්ත්වයට විසඳුමක් ලෙස ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කටයුතු පැය 24 පුරා ක්‍රියාත්මක කිරීමටත් සේවා මුර ක්‍රමයක් යටතේ පෝලිම් අවසන්වනතුරු දිනකට පාස්පොර්ට් 4000 ක් පමණ නිකුත් කිරීමටත් රජය තීරණය කර තිබේ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ කාර්යයන් කඩිනම් කිරීම සඳහා විශ්‍රාමික නියෝජ්‍ය පාලකවරුන් හා සහකාර පාලකවරුන් නැවත සේවයේ යෙදවීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. මෙම තීරණය ඊයේ (05) පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් නිල වශයෙන් ප්‍රකාශයට පත් කරන ලදී.
දෙපාර්තමේන්තුවේ සේවා කාර්යක්ෂමතාව ඉහළ නැංවීමේ අරමුණින් ගනු ලැබූ මෙම තීරණය යටතේ, පෙර සේවා පළපුරුද්ද සහිත විශ්‍රාමික නිලධාරීන්ගේ විශේෂඥ දැනුම හා ප්‍රායෝගික අත්දැකීම් උපයෝගී කර ගැනීමට බලාපොරොත්තු වේ.
මීට අමතරව, දැනට රාජ්‍ය සේවයේ නියුතු කළමනාකරණ සේවා නිලධාරීන් සහ සංවර්ධන නිලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයක්ද මෙම කාර්යයන් සඳහා යෙදවීමට නියමිතය. මෙම පත්කිරීම් සිදු කරනු ලබන්නේ අදාළ නිලධාරීන්ගේ එකඟතාවය මත පදනම්ව බව අමාත්‍යවරයා අවධාරණය කළේය.
දෙපාර්තමේන්තුවේ සේවා සැපයීමේ ධාරිතාව පුළුල් කිරීම සඳහා ගනු ලබන මෙම පියවර මගින් ආගමන විගමන කටයුතු වඩාත් කාර්යක්ෂම කිරීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ. විශේෂයෙන්ම විශ්‍රාමික නිලධාරීන්ගේ දීර්ඝකාලීන පළපුරුද්ද හා දැනුම උපයෝගී කරගනිමින් දෙපාර්තමේන්තුවේ සේවාවන් වැඩිදියුණු කිරීම මෙහි ප්‍රධාන අරමුණ වේ.
කැබිනට් මණ්ඩල තීරණය අනුව, මෙම නව පත්කිරීම් සිදු කිරීමේදී නිසි පරිපාලන ක්‍රියාමාර්ග අනුගමනය කරමින්, විනිවිදභාවයෙන් යුතුව කටයුතු කිරීමට නියමිතය. තවද, මෙම නව කාර්ය මණ්ඩල බඳවා ගැනීම් තුළින් දෙපාර්තමේන්තුවේ සේවා ප්‍රමිතීන් ඉහළ නැංවීමට හැකිවනු ඇතැයි රජය අපේක්ෂා කරයි.
Comments
Post a Comment
Your comment will be visible after approval