archuna-is-still-making-noise-in-parliament-today-dayasiri-says-to-get-his-mind-checked

පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා මහතා පොලිස් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් කථානායකවරයා විසින් ලිඛිත ඉල්ලීමක් කර ඇති බව අද (05) පාර්ලිමේන්තුවේදී හෙළිදරව් කරමින් කථානායකවරයාට දැඩි විවේචන එල්ල කළේය.


ඔහු වරප්‍රසාද ප්‍රශ්නයක් යයි දක්වමින් ලිඛිතව සටහන් කළ කතාව කියවීම පසෙකලා තමන්ගෙ වෙනත් අදහස් දැක්වූ අතර තමන් සුළු ජාතිකයෙකු නිසා මේ ආකාර ප්‍රශ්න මතු කළැයි පවසමින් දිගටම වාග් ප්‍රහාර එල්ල කලේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරී ජයසේකර මහතා පැවසුවේ දැනට රටේ ජාතිවාදී ගැටුම් නොමැති අවස්ථාවක අර්චුනා මන්ත්‍රීවරයා ඉංග්‍රීසි භාෂාවෙන් කතා කරමින් සමාජය තුළ වැරදි අවබෝධයක් ඇති කිරීමට උත්සාහ කිරීම ඔහුගේ මානසික තත්ත්වය පිළිබිඹු කරන බවත් වෛද්‍යවරයෙකු මුණගස්වන ලෙසත්ය.



කථානායකවරයා මෙම තත්ත්වය පැහැදිලි කරමින් සඳහන් කළේ පොලිස් රථවාහන නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අර්චුනා මන්ත්‍රීවරයාට එරෙහිව නීතිමය පියවර ගැනීමට සිදුව ඇති බව පොලිසිය විසින් තමන් වෙත දන්වා ඇති බවයි. කථානායකවරයා වැඩිදුරටත් පැවසුවේ රටේ නීතිය සියලු පුරවැසියන්ට පොදු බැවින් එම නීතියට ගරු කිරීම අර්චුනා මන්ත්‍රීවරයාගේ වගකීම බවයි. මෙම කොටස හැන්සාඩ් වාර්තාවෙන් ඉවත් කරන ලෙසද කීය.



සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දක්වමින් සභානායක බිමල් පැවසුවේ අර්චුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු වරප්‍රසාද යොදා ගනිමින් මෙම කරුණ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කතා කිරීමට උත්සාහ දරන්නේ විපක්ෂය ඔහුට වෙලාව දී නැති නිසා බවයි.

කෙසේ වෙතත්, සිද්ධිය අවසානයේදී අර්චුනා මන්ත්‍රීවරයා කථානායකවරයාගෙන් සමාව ඉල්ලා සිටියේය.
අනතුරුව කතානායක නොමැති අවස්ථාවක නියෝජ්‍ය කතානායක ඉදිරියේදීද නැවත මෙම ප්‍රශ්නය මතුකරන්නට උත්සාහ කළ නමුත් නි.කතානායක ඔහුට ඉඩ දුන්නේ නැත.
මෙම සිද්ධිය පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් අතර සැලකිය යුතු කතාබහකට ලක්විය.