
පාතාල ලෝකයේ ප්‍රබල චරිතයක් වූ ගනේමුල්ලේ සංජීව හෙවත් මාකිලංගමුවේ සංජීව ඊයේ දින අලුත්කඩේ අංක 5 අධිකරණ සංකීර්ණයේදී වෙඩි තබා ඝාතනය කරනු ලැබූ සිද්ධිය වූ වහාම නෙත් එෆ්එම් පෞද්ගලික ගුවන් විදුලි නාලිකාවේ බැලුම්ගල වැඩසටහන නිෂ්පාදනය කරන පුද්ගලයකු වෙත දුරකථන ඇමතුමක් ලැබී තිබේ. ඒවනවිටත් මාධ්‍ය වෙත එම තොරතුරු ලැබී නොතිබූ අතර
කොමාන්ඩෝ ශලින් නමැති පුද්ගලයෙකු විසින් මෙම ඝාතනය තමන් සැලසුම් කර සිදු කළ බව පවසා කියා තිබුනේ 'ඔන්න අපි එයාව මැරුවා' ලෙසිනි.
මෙම ඇමතුම සහිත හඬපටය එම නාලිකාව මගින් එදින පස්වරුවේම අන්තර්ජාලයටද මුදාහැර තිබුණි.
වට්ස්ඇප් ඇමතුමක් මගින් ලබා දුන් මෙම තොරතුර අනුව, ගනේමුල්ලේ සංජීව ඝාතනය කර ඇති බව තහවුරු කර තිබුනේ කොමාන්ඩෝ ශලින් නමැත්තෙකි.
ගනේමුල්ලේ සංජීව සමඟ පෙර සිට අපරාධ කටයුතුවල නිරත වී සිට ඇති බව කියන ශලින් එම ගුවන්විදුලි වැඩසටහන ඉදිරිපත්කරන පුද්ගලයා හඳුනන අයෙකු බවද උඩුගත කළ හඬපටය සාක්ෂි දරයි.
මීට අමතරව පාතාල නායකයින් සමග සම්මුඛ සාකච්ඡා පවත්වන අතරතුර කලකට පෙර ගනේමුල්ලේ සංජිවගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු ලෙස සැලකෙන කෙහෙල්බද්දර පද්මේ ඔහු සහ ගනේමුල්ලේ සංජීව අතර පැවති ගැටුම ගැනද මෙම වැඩසටහනට කරුණු ඉදිරිපත්කර තිබෙන අතර එම සාකච්ඡාව අතරදී 'මට අහුවුනොත් නං මරනවා මගේ තාත්ත මරපු හින්දම නෙමේ. නිකං කිසි හේතුවක් නැතිව සංජීව මිනිස්සු මරන එක නවත්තන්න ඕන' යනුවෙන් ඔහු කියා තිබුනේ 'එයාට පරිස්සම් වෙලා ඉන්න කියන්න' යයිද කියමිනි.
කෙහෙල්බද්දර පද්මේ විසින් සංජීව සම්බන්ධයෙන් කලින් කර තිබූ මෙම ප්‍රකාශ බරපතල ඒවා වන අතර මෙම කතාවේ හඬ පටයද ගුවන්විදුලි වැඩසටහන මගින් ප්‍රචාරය කර තිබේ.
වර්තමානයේ විදේශගත වී සිටින කෙහෙල්බද්දර පද්මේ සහ අවිශ්ක යන දෙදෙනා මෙම ඝාතනය සැලසුම් කර ක්‍රියාත්මක කළ බවට වැඩසටහන ඉඟි කරයි. මෙම චෝදනා සම්බන්ධයෙන් ගැඹුරු විමර්ශනයක් පැවැත්විය යුතු බව ඒ සමග ඔවුන් දන්වා ඇත.
ගනේමුල්ලේ සංජීව මිනීමැරුම්, පාතාල ක්‍රියා, කප්පම් ගැනීම් සහ මත්ද්‍රව්‍ය ජාවාරම් වැනි බරපතල අපරාධ රැසකට සම්බන්ධ වී සිටි අයෙකි. මාධ්‍ය වාර්තා අනුව ගනේමුල්ල සංජීව කළ බවට හෙළිවූ ඝාතන 39 ක් ඇති අතර හෙළිනොවූ ඒවා ඊට වැඩි විය හැකිය.
සංවිධානාත්මක අපරාධ ලෝකයේ ප්‍රබල චරිතයක් අධිකරණ සංකීර්ණයක් තුළ ඝාතනය වීම ශ්‍රී ලංකාවේ මහජන ආරක්ෂාව පිළිබඳ බරපතල ගැටලු මතු කරයි.
මෙම පාතාාලයන් මාධ්‍ය සමග පවත්වා ඇති සමීප සබඳතා විමර්ශන නිලධාරීන්ගේ අවධානයට යොමුවිය යුතුය.
ආන්දෝලනාත්මක හඬපට සහිත බැලුම්ගල වැඩසටහනේ යූටියුබ් වීඩියෝව පහතින්
Comments
Post a Comment
Your comment will be visible after approval