
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දැනට පදිංචිව සිටින නිවස සඳහා මසකට රුපියල් ලක්ෂ 46ක කුලියක් ගෙවිය යුතු බවත්, එම මුදල ගෙවීමට කැමති නම් එහි සිටින ලෙසත් නැත්නම් නිවසින් ඉවත් වීමට සිදුවන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර සිටියේය. මෙම ප්‍රකාශය අද කටුකුරුන්ද ප්‍රදේශයේ පැවති මහජන රැස්වීමකදී සිදු කෙරිණි.
රජයේ තක්සේරු දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද තක්සේරුවට අනුව, බෞද්ධාලෝක මාවතේ පිහිටි එම නිවසේ මාසික කුලී වටිනාකම රුපියල් ලක්ෂ 46ක් වන අතර, ඉඩමේ වටිනාකම තවමත් තක්සේරු කර නොමැති බව ජනාධිපතිවරයා පැවසීය.
පවතින නීතිමය රාමුව අනුව, හිටපු ජනාධිපතිවරයෙකුට නිවසක් හෝ වැටුපෙන් තුනෙන් එකක දීමනාවක් හිමි වේ. ඒ අනුව, මහින්ද රාජපක්ෂ මහතාට රුපියල් 30,000ක මාසික දීමනාවක් ගෙවීමට රජය කටයුතු කරන බව ජනාධිපතිවරයා වැඩිදුරටත් පැහැදිලි කළේය.
එමෙන්ම, වත්මන් රජය යටතේ සිදු කර ඇති වෙනස්කම් පිළිබඳවද ජනාධිපතිවරයා අවධාරණය කළේය. පසුගිය කාලවල මෙන් කුමන්ත්‍රණකාරී ක්‍රියා, මුදල් බෙදීම්, හෝ විදේශීය මැදිහත්වීම් නොමැතිව ආණ්ඩුවක් පිහිටුවීමට හැකි වූ පළමු අවස්ථාව මෙය බව ඔහු පෙන්වා දුන්නේය.
රාජ්‍ය පරිපාලනයේ සැලකිය යුතු වෙනස්කම් ගණනාවක් සිදු කර ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. ඇමතිවරුන්ට පොලිස් ආරක්ෂාව හා රථ වාහන පහසුකම් සීමා කිරීම, රජයේ නිල නිවාස කළමනාකරණය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයට පැවරීම, සහ ජනාධිපති ආරක්ෂක වියදම් සැලකිය යුතු ලෙස අඩු කිරීම ඉන් කිහිපයකි.
ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා වාර්ෂිකව රුපියල් මිලියන 700ක් (කෝටි 70ක්) වැය වන බවත්, පොලිස් නිලධාරීන් 21,000ක් රටපුරා පොලිස් ස්ථානවල සේවය කරන බවත් ඔහු සඳහන් කළේය.
රජයේ දේපළ භාවිතය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් හඳුන්වා දී ඇති අතර, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය යටතේ විශේෂ කමිටුවක් පත්කර ඇති බවද ජනාධිපතිවරයා පැවසීය. මෙම කමිටුව මගින් රජයේ නිල නිවාස සහ ගොඩනැගිලි හෝටල්, කෞතුකාගාර, හෝ අධ්‍යාපන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරීමේ හැකියාව සොයා බලනු ඇත.
මෙම ප්‍රතිසංස්කරණ හරහා දේශපාලන සංස්කෘතියේ සැලකිය යුතු වෙනසක් සිදුවී ඇති බවත්, මෙය ජනතා ජයග්‍රහණයක් බවත් ජනාධිපතිවරයා අවසාන වශයෙන් සඳහන් කළේය. මෙම වෙනස්කම් තුළින් රාජ්‍ය සම්පත් වඩාත් කාර්යක්ෂමව හා විනිවිදභාවයෙන් යුතුව භාවිතා කිරීමට හැකි වනු ඇති බව ඔහු අවධාරණය කළේය.
ජනපති සිදු කළ කතාවේ උපුටනයක පෙළ පහත ලෙසිනි.
මීට පෙර ආණ්ඩුව හදලා තියෙනවා. ආණ්ඩු පෙරළා තියෙනවා ඔය ආණ්ඩු හදන්න. විවිධ කුමන්ත්රණකාරී වැඩ වෙලා තියෙනවා මතකද? පාස්කු ප්රහාර වගේ ඒවා. බය වෙන්න එපා. පරීක්ෂණයේ තිතට යනවා. හොඳින් හරි.
එහෙම නැත්තං. මහා විශාල සල්ලි පොම්ප කරලා තියෙනවා ද?
සාරි බෙදෙන ඔරලෝසු බෙදලා හාල් බෙදන තහඩු බෙදන. එහෙම තමයි ආණ්ඩු හදලා තියෙන්නේ. ආණ්ඩු පෙරළා තිබෙන්නේ.
එහෙම නැත්නම්. මහ උලු සොයාදීමට ලක්කරලා මාධ්ය. ආණ්ඩු හදන්න මැදිහත් වෙලා තියනවා නේද?
එහෙම නැත්නම් සමහරවිට විවිධ රාජ්යයන් ගේ මැදිහත් වීමෙන් ආණ්ඩු පෙරළලා තියෙනවා ආණ්ඩු හදලා තියෙනවා.
මුළුමනින්ම රාජ්ය බලය උපයෝගී කරගනිමින් ආණ්ඩුව හදලා තියෙනවා ආණ්ඩුව ආරක්ෂා වෙලා තියෙනවා.
හැබැයි ලංකාවේ පළමු වතාවට ආණ්ඩුවක් හැදුණා මන්ත්රණ නැති විදෙස් මැදිහත්වීම් නැති.
මුදල් බෙදන්නේ නැති මාධ්ය බලය නැති රාජ්ය බලය නැති කණ්ඩායමක් ආණ්ඩුවක් හැදුවා.
පිටිපස්සේ හිටියේ කවුද?මේ එක් රැස් වෙලා ඉන්න තමුන්නාන්සේලා වගේම මහජනතාව .එනිසා මේ ජයග්රහණයේ ගෞරවය ඔබටයි.
අද කිසි අමාත්යවරයෙකු පිටිපස්සේ වාහනත් නෑ. පොලිස් රටත් නෑ.දේශපාලන සංස්කෘතියේ වෙනසක් වුණා.
හොඳද? මතක තියාගන්න.
ආණ්ඩුවේ මන්ත්රීවරුන්ට විතරක් නෙවෙයි විපක්ෂ මන්ත්රීවරුන්ට දෙන්නෙත් නෑ.
මේ පොලිස් ස්ථානවලට විසි එක්දහස් නිලධාරීන් මගින් බොහොම අමාරුවෙන් මහත්තුරු වැඩ කරන්නෙ.
ජනාධිපතිවරයාට ආරක්ෂාව සඳහා අවුරුද්දකට මිලියන හත්සීයක් වියදං කරනවා.
ඒ කියන්නේ කෝටි 70 ක්.
පොලිසිය, හමුදාව, නාවික හමුදාව, එස්ටීඑෆ් දහස් ගණනක් ඔක්කොම අයින් කරලා හැටයි.
තව කෙනෙක් ආවොත් නැතත් අයින් කරනවා.
පොලිස් නිලධාරීන් ගම්වල පොලිස් ස්ථානවල නීතිය සාමය ආරක්ෂා කරන්න ඉන්න ඕන.
හැබැයි වැඩිපුර හිටියේ කාගෙද? ඇමැතිවරුන්ගේ අගමැතිවරුන්ගේ ජනාධිපතිවරු මන්ත්රීවරුන්ගේ ගෙවල්වල.
නතර කර නතර කරන්නේ දේශපාලන නැද්ද?හොඳයි.
ඒ විතරක් නෙවෙයි.
ඇමතිවරයා එනකොටම වෙනදා.විශාල පොරයක් තියෙනවා. ආණ්ඩුව ගෙවල් බෙදාගන්න.
අපේ ආණ්ඩුවෙදි ගෙවල් ඔක්කොම රාජ්ය පරිපාලන අමාත්යාංශය භාර ගත්තා.
ඇමැතිවරුන්ගේ විතරක් නොව ජනාධිපතිවරයාගේ ගේත් අයිතියි.
ඓතිහාසික වශයෙන් වටිනා අරලියගහ මන්දිරය තුළ කරා ජනාධිපති මන්දිර ඉතුරු කරා නුවර ඓතිහාසික වශයෙන් නුවර ජනාධිපති මන්දිරය තුළ කරා ඉතුරු ඔක්කොම බාරයි.
අපි දැන් භාරදුන්නා කමිටුවකට.
මොකක්ද ඒ වට කරන්න කියලා අපිට යෝජනාව ඉදිරිපත් කරන්න කියලා හෝටලයක් දාන්න පුළුවන් තැන්වල හෝටල් දානවා.
කෞතුකාගාර කරන්න පුළුවන් තැන් කෞතුකාගාර කරනවා. අධ්යාපන මධ්යස්ථාන කරන්න පුළුවන් තැන් අධ්යාපන මධ්යස්ථාන කරනවා.මේ ගෙවල් නිකං ගෙවල් නෙවෙයි.
රාජ්ය පරිපාලන අමාත්යාංශය පවරාගෙන දැන් අපි කමිටුවක් පත්කරලා තියෙනවා. මොනවද මේ ගෙවල් වලට කරන්නේ?
අපි තමුනාන්සේලාට පොරොන්දුවක් දුන්නා. හිටපු ජනාධිපතිවරුන්ට ගෙවල් දෙන්නෙත් නෑ කියල.
මහින්ද රාජපක්ෂ මහත්ම ඉන්න ගෙදර රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරු කරලා කීයක් වටිනවද?
හරි දේ තාම ඉඩම තක්සේරු කරගන්න බැරුව ගේ විතරක් තක්සේරු කරලා.
ගේ තක්සේරු අනුව මාසික කුලිය ලක්ෂ හතළිස් හයයි.
තාම ඉඩම කරේ නෑ හොදේ බෞද්ධාලෝක මාවතේ එවැනි ඉඩමක් කීයක් වෙයිද.. ලක්ෂ හතළිස් හයයි ගේ තක්සේරුව.
පනතේ තියෙනවා. එක්කෝ හිටපු ජනාධිපතිවරයාට ගෙයක් හිමි නැත්නම් පඩියෙන් තුනෙන් එකක් හිමියි.
අපගේ හිටපු ජනපතිවරයෙකු ගන්නවා පඩියෙන් තුනෙන් එකක් එයාට දෙනවා තිස් දාහක්.
එහෙම නැත්තං.ඉතුරු සල්ලි ටික දීලා ඒකේ ඉන්න පුළුවන් මාස කුලියට.
කුලිය දුන්නැත්නම් එළියට. ලක්ෂ හතළිස් හයක් මාසික කුලිය රජයේ තක්සේරුව අනුව.
ජනතාව දැනගන්න ඕන මේක කොහොමද? වෙන්නෙ කියලාා.මේ වගේ නේද? මහජනයාට අයිති දේපල කොච්චර මේ අය භුක්ති විඳිනවාද.
0 Comments