wicked-movie-that-sends-a-wonderful-message-to-children

අද මම කතා කරන්න යන්නේ "Wicked" කියන අලුත්ම චිත්‍රපටය ගැනයි. මේක හරියටම මිතුදමේ සුන්දර කතාවක්! සංගීතමය චිත්‍රපටයත් ළමයින් එක්ක බලන්න පුළුවන් ලස්සණ කතාවක් .ඒ නිසාම මට හිතුනා මේ ගැන ඔයත් එක්ක බෙදාගන්න. 💫

කතාවේ ප්‍රධාන චරිතය තමයි එල්ෆබා. එයාගේ හරිත පැහැති සම නිසා සමාජයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒත් දන්නවද, ඒ තුළින් අපිට ලොකු පාඩමක් ඉගෙන ගන්න පුළුවන් - අපි කවුරුත් අනන්‍ය විදිහට විශේෂයි කියලා. එල්ෆබාගේ පුදුම හැකියාවන් වගේම, අපි හැමෝටම විශේෂ දක්ෂතා තියෙනවා. ඒවා හොයාගෙන දියුණු කරගන්න ඕනේ.

ග්ලින්ඩා (අරියානා ග්‍රෑන්ඩ්) සහ එල්ෆබා (සින්තියා එරිවෝ) අතර වර්ධනය වන මිතුදම හරිම ලස්සනයි. මුලින් දෙන්නා එකිනෙකාට වෙනස් වුණත්, ක්‍රමයෙන් එකිනෙකාගේ හොඳ ගුණාංග තේරුම් අරගෙන හොඳ යාළුවෝ වෙනවා. මේක පෙන්නන්නේ සැබෑ මිතුදමක් කියන්නේ මොකක්ද කියලා - එකිනෙකාගේ වෙනස්කම් පිළිගෙන, එකිනෙකාට උදව් කරගෙන ඉදිරියට යන්න ඕනේ.

පැය 2 යි විනාඩි 40ක් තියෙන මේ චිත්‍රපටය තුළ, අපිට දකින්න ලැබෙනවා සුපිරි සංගීතමය දර්ශන. 'Dancing Through Life', 'Popular', 'Defying Gravity' වගේ ගීත ඇත්තටම හිත් ඇදගන්නසුලුයි.

ඒ වගේම, Michelle Yeoh, Jeff Goldblum වගේ දක්ෂ නළු නිළියන්ගේ රංගනයත් අපූරුයි.

මගේ මිතුරු මිතුරියනි, මේ චිත්‍රපටයෙන් අපිට ලොකු පණිවිඩයක් දෙනවා - අපි කවුරුත් විශේෂයි, අපේ හැකියාවන් දියුණු කරගන්න පුළුවන්, සහ සැබෑ මිතුදමක් කියන්නේ ලොකු සම්පතක් කියලා. ඒ වගේම, අසාධාරණයට එරෙහිව නැගී සිටින්න අපිට හයිය තියෙන්න ඕනේ, එල්ෆබා වගේ.

තාක්ෂණික අතින් ගත්තත් මේ චිත්‍රපටය ඉහළයි. Alice Brooks ගේ ඡායාරූප ශිල්පය, Paul Tazewell ගේ ඇඳුම් නිර්මාණ (බාබි චිත්‍රපටය වගේම ට්‍රෙන්ඩ් එකක් වෙයි), සහ විශේෂ දෘශ්‍ය පුදුමාකාරයි.

ඒත් මේ චිත්‍රපටයේ දිග වැඩි බව පිළිගන්න වෙනවා. මුල් පැය ටිකක් සෙමින් ගියත්, ඊට පස්සේ කතාව රසවත් විදියට ඉස්සරහට යනවා. සමහර සිංදු කතාව නවත්තනවා වගේ දැනුනත්, ඒවායේ තියෙන ගැඹුරු අර්ථය තේරුම් ගත්තම ඒක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ.

අවසාන වශයෙන් කියනවා නම්, WICKED කියන්නේ හැමෝටම බලන්න පුළුවන් ලස්සන චිත්‍රපටයක්. මේකෙන් අපිට කියලා දෙනවා - අපේ විශේෂත්වය පිළිගන්න, සැබෑ මිතුරන් හඳුනාගන්න, සහ අපේ සිහින පස්සේ යන්න බය වෙන්න එපා කියලා. මේ දවස්වල ලංකාවේ සිනමා ශාලාවල මේ චිත්‍රපටය තිරගත වෙනවා.මේ චිත්‍රපටය බලලා, ඔබේ ජීවිතයටත් ඒ පණිවිඩ එකතු කරගන්න! 🌟
-නේමින්ද
ට්‍රෙලරය පහතින්