
මේ වන විට සහල් මෙට්‍රික් ටොන් 4,800ක් මෙරටට ආනයනය කර ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා ඊයේ (15දා) පැවැසුවේය. ඊයේ (15දා) උදේ වන විට එම සහල් ප්‍රමාණය මෙරටට ආනයනය කර ඇති බවද දිනපතා සහල් ආනයනය කිරීම සිදුකරන බවද හෙතෙම ප්‍රකාශ කළේය.
ආනයනකරුගේ ලියකියව්ලිවල හෝ ආනයනකරුගේ වෙනත් ගැටලුවක් හේතුවෙන් ප්‍රමාදයක් නොවුණහොත් පැය 4ක් කාලයක් ඇතුළත ආනයනික සහල් නිදහස් කර ගැනීමට හැකි බවද රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.රේගු නිලධාරීන් ආහාර පරීක්‍ෂකයන් ආනයන සහල් ඉතා ඉක්මනින් නිදහස් කිරීමේ කටයුතු සඳහා මේ වන විට සූදානමින් සිටින බවද රජයේ පැත්තෙන් සහල් නිදහස් කර ගැනීමේ කටයුතුවලදී කිසිදු ප්‍රමාදයක් නොමැති බවද සීවලී අරුක්ගොඩ මහතා කියා සිටියේය.
ඊයේ (15දා) උදෑසන වන විට නාඩු මෙට්‍රික් ටොන් 3,000ක් සහ කැකුළු මෙට්‍රික් ටොන් 1,800ක් ඇතුළු සහල් මෙට්‍රික් ටොන් 4,800ක් ආනයනය කර ඇති බවද මේ වන විට කිසිදු ප්‍රමාදයකින් තොරව පැය 4ක කාලයක් ඇතුළත ආනයනික සහල් නිදහස් කිරීමේ හැකියාව තිබෙන බවද හෙතෙම ප්‍රකාශ කළේය.