
නිල සංචාරයක් සදහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දිවයිනෙන් පිටත්ව යෑම හේතුවෙන් ඔහු යටතේ තිබූ අමාත්‍යාංශ 5ක් සඳහා වැඩබලන අමාත්‍යවරුන් පත්කර ඇත.ජනාධිපතිවරයා යටතේ පවතින ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය, ආරක්ෂක අමාත්‍යාංශය සහ මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යන
අමාත්‍යාංශ 3 සඳහා මෙන්ම විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හා කම්කරු අමාත්‍යාංශය සඳහා වැඩබලන අමාත්‍යවරුන් මෙලෙස පත්කර තිබේ.
ඒ අනුව ඩිජිටල් ආර්ථික වැඩබලන අමාත්‍යවරයා ලෙස ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න මහතාද, ආරක්ෂක වැඩ බලන අමාත්‍යවරයා ලෙස ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතාද, මුදල් හා ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන වැඩබලන අමාත්‍යවරයා ලෙස මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ද, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක වැඩබලන අමාත්‍යවරයා ලෙස විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්දු මහතාද, කම්කරු වැඩබලන අමාත්‍යවරයා ලෙස කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතාද පත්කර ඇත.
( අංජුල මහික වීරරත්න)
Comments
Post a Comment
Your comment will be visible after approval