
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද අත්අඩංගුවට ගෙන තිබේ.
රේණුක පෙරේරා මහතා මහවිරු සමරුව ගැන අසත්‍ය වැකි සහිතව එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළකළේ යැයි චෝදනාවක් එල්ල වී තිබූ අතර එම චෝදනාව මත ඔහු අත්අඩංගුවට ගත් බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මේ ගැන ඇමති නලින්ද ජයතිස්ස පාර්ලිමේන්තුවේදී හෙළිදරව්වක්ද කර තිබුණි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලකවරයා සහ ලේකම් ලෙස කටයුතු කරන රේණුක පෙරේරා මහතා රාජපක්ෂ පවුලට ඥාතී සම්බන්ධයක්ද පවතින අයෙකි.
අද (05) උදෑසන ඒ මහතා ව කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන ඇති අතර
උතුරේ පැවැත්වූ මහවිරු සැමරුම් සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු හුවමාරු කිරීම ගැන ප්‍රහ්න කිරීමට නියමිතය.
මීට පෙර රේණුක පෙරේරා මහතා මිල්කෝ සමාගමේ හා නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස කටයුතු කළ අයෙකි
Comments
Post a Comment
Your comment will be visible after approval