
ඩබ්ලිව්.එම්. මෙන්ඩිස් සහ සමාගම විසින් ගෙවිය යුතු හිඟ සුරාබද්ද හා ඊට අදාළව 3% මාසිකව ගෙවිය යුතු අධිභාර නොගෙවීම නිසා මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අද (05දා) සිට අත්හිටුවන බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම සමාගම විසින් ගෙවිය යුතු රුපියල් බිලියන පහයි දශම හතක මුදල ගෙවීම පැහැර හැරීම නිසා සුරාබදු ආඥා පනතේ නෛතික විධිවිධාන ප්‍රකාරව මෙම සමාගමේ මත්පැන් නිෂ්පාදන බලපත්‍රය අද සිට අත්හිටුවීමට තීරණය කර තිබෙන බවද එම දෙපාර්තමේන්තුව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (04දා) සඳහන් කළේය.
මේ අනුව අද සිට මත්පැන් නිෂ්‍පාදන ක්‍රියාවලිය අත්හිටුවීමටත් හිඟ බදු හා අධිභාරය තවදුරටත් ගෙවීම පැහැර හරින්නේ නම් එම සමාගමට නිකුත් කර ඇති සියලුම සුරාබදු මත්පැන් බලපත්‍ර මේ මස 31 දිනෙන් ඔබ්බට දීර්ඝ නොකිරීමටත් කටයුතු කරන බවද එම නිවේදනය මගින් පෙන්වා දී ඇත.
හීඟ සුරා බදු මුදල් නොවැම්බර් 30 වැනිදාට පෙර ගෙවා අවසන් නොකරන්නේ නම් තම සමාගම වෙත නිකුත් කර තිඛෙන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත් හිටුවීමට පියවර ගන්නා බව දැනුම් දෙමින් සුරා බදු දෙපාර්තමේන්තුව නිකුත් කර තිබෙන ලිපිය බල රහිත කිරීමේ නියෝගයක් ලබාදෙන ලෙස ඉල්ලා ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් සමාගම ගොනු කළ පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ඊයේ ප්‍රතික්ෂේප කළේය.දීර්ඝ කරුණු සලකා බැලීමකින් පසුව අභියාචනාධිකරණ විනිසුරුවරුන් සෝභිත රාජකරුණා සහ මහේන් ගොපල්ලව යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල මීට අදාළ පෙත්සම සලකා බැලිණි.
නියෝගය ප්‍රකාශයට පත් කරමින් විනිසුරු මඩුල්ල සඳහන් කළේ මෙම පෙත්සමෙහි දක්වා ඇති කරුණුවලින් බැලූ බැල්මටම නඩු නිමිත්තක් අනාවරණය නොවන හෙයින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන බවයි.ප
ෙත්සම සලකා බැලීම සඳහා කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් ඉකුත් නොවැම්බර් 30 වැනිදාට පෙර හිඟ බදු ගෙවා අවසන් නොකළහොත් දැනට නිකුත් කර තිබේන මත්පැන් නිෂ්පාදන බලපත්‍ර අත්හිටුවීමට පියවර ගන්නා බවට සුරා බදු දෙපාර්තමේන්තුව තම සේවා දායකයාට නිකුත් කර තිබෙන ලිපිය සම්පූර්ණයෙන්ම නීතියට පටහැනි බවයි.
දෙසැම්බර් 31 වැනිදා දක්වා මත්පැන් නිෂ්පාදන කටයුතු සිදු කිරීමට තමන්ට බලපත්‍ර නිකුත් කර තිබියදී හදිසියේ මේ ආකාරයෙන් නොවැම්බර් 30 වැනිදා ඒවා අත්හිටුවන බව දැන්වීම අත්තනෝමතික ක්‍රියාවක් බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.තම සමාගමට මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 10 ක් නිකුත් කර තිබෙන බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ඉන් බලපත්‍ර 08 ක් අද දින සිට අත්හිටුවන බවට දැනුම් දී ඇතැයි ද කියා සිටියේය.
තම සේවා දායකයා ගෙවීමට තිබෙන රුපියල් බිලියන 5.3 ක හිග සුරා බදු මුදල් සහෝදර සමාගමක් වන පර්පචුවල් ට්‍රෂෙරීස් සමාගමට අයත් මේ වන විට මහ බැංකුව විසින් තහනමට ගෙන තිබෙන රුපියල් බිලියන 12 කට අධික මුදල්වලින් ගෙවා දැමීමට හැකියාව තිබෙන බවත් ජනාධිපති නීතිඥවරයා සඳහන් කළේය.ඒ අනුව ශ්‍රී ලංකා මහා බැංකුව විසින් රඳවාගෙන සිටින පර්පචුවල් ට්‍රෂෙරිස් සමාගමට අයත් මුදල්වලින් මෙම බදු මුදල් ගෙවීම සඳහා ප්‍රතිපාදන මුදාහරින ලෙස අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙසත් ජනාධිපති නීතිඥ නවීන් මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
එම ඉල්ලීමට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය. අවන්ති පෙරේරා මහත්මිය දැඩි පෙර විරෝධය පළ කළාය.හිඟ බදු ගෙවීම පැහැර හැර තිබෙන මත්පැන් නිෂ්පාදන සමාගම්වල බලපත්‍ර ඉකුත් නොවැම්බර් 30 වැනිදා සිට අත්හිටුවීමට ගෙන තිබෙන තීරණය රජයේ ප්‍රතිපත්තිමය තීරණයක් බවත් එම තීරණය පෙත්සම්කාර සමාගමට පමණක් අදාළ වන කරුණක් නොවන බවත් සඳහන් කළ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එය බදු ගෙවීම් පැහැර හල සියලුම මත්පැන් නිෂ්පාදන සමාගම්වලට අදාළ වන බවත් කියා සිටියාය.ඒ අනුව මෙම පෙත්සම පවත්වාගෙන යාමට කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන ලෙසත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව විනිසුරු මඩුල්ල පෙත්සම විභාගයට නොගෙන ඉවත දැමීමට තීරණය කළේය.
Comments
Post a Comment
Your comment will be visible after approval