
පාරිසරික, ආර්ථික හා සමාජයීය තිරසරභාවය රැකීමේ අරමුණ ඇතිව රජය විසින් ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත ‘Clean Sir Lanka’ වැඩසටහන සැලසුම් කර ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපිත කර තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් නිකුත් කරන ලද විශේෂ ගැසට් පත්‍රයකට අනුව මෙම ජනාධිපති කාර්ය සාධක බළකාය පත් කර ඇත.
ඒ අනුව ජනාධිපති ලේකම්, යුද හමුදාපති, නාවික හමුදාපති, ගුවන් හමුදාපති, වැඩබලන පොලිස්පතිවරයා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ඇතුළු දහඅට දෙනකුගෙන් මෙම ජනාධිපති කාර්ය සාධක බළකාය සමන්විත වේ. ජනාධිපති ලේකම් ආචාර්ය එන්. එස්. කුමානායක කාර්ය සාධක බළකායේ සභාපතිවරයා වන අතර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ජී.එම්.ආර්.ඩී. අපොන්සු එහි ලේකම්වරයා වශයෙන් පත් කර තිබේ.
‘Clean Sir Lanka’ වැඩසටහන සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම සහ නියමිත කාල රාමුවක් තුළ අවසන් කිරීම, ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා මෙම වැඩසටහන ක්‍රියාවට නැංවිය හැකි ආකාරයේ සංවිධාන ව්‍යුහයක් සකස් කිරීම ආදිය මෙම කාර්ය සාධක බළකායට පැවරෙන වගකීම් බවද එම ගැසට් නිවේදනයේ සඳහන් කර ඇත.
ඊට අමතරව ‘Clean Sir Lanka’ අරමුදල සඳහා අරමුදල් සම්පාදනය මෙන්ම අවශ්‍යතාව පරිදි එම මුදල් භාවිතය සම්බන්ධයෙන් උපදෙස් ලබාදීම හා මග පෙන්වීමද මෙම බළකායට පැවරී ඇත.
ජනාධිපති කාර්ය සාධක බළකායේ සියලු සාමාජිකයන් විසින් තමන්ට පැවරී ඇති කාර්යයන් ඉටු කිරීම පිළිබඳව කලින් කලට තමන් වෙත වාර්තා ඉදිරිපත් කළ යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් සිය ගැසට් නිවේදනය මගින් දැනුම් දී තිබේ.
(ගයාත්‍රි ගීගනආරච්චි)
Comments
Post a Comment
Your comment will be visible after approval